ඔස්ට්‍රේලියා – දකුණු අප්‍රිකා තරගාවලිය කල් දැමේ

Date:

ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ එළඹෙන දකුණු අප්‍රිකා තරග සංචාරය කල් දැමීමට ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතන තීරණය කර තිබෙනවා.

ඒ, පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකිල්ලට ගනිමින්.

අදාළ තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්වීමට නියමිත තිබුණා.

ඒ සදහා සහභාගී වීමට ඔස්ට්‍රේලියානු කණ්ඩායම මෙම මස අගදී දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමටයි සැලසුම් කර තිබුණේ.

දකුණු අප්‍රිකාවේ මේ වන විට පවතින කොරෝනා වසංගත තත්ත්වය සැලකීමේ දී එරට තරග සංචාරයක නිරත වීම තුළින් ක්‍රීඩකයින්, සහාය කාර්ය මණ්ඩලය සහ ජනතාවගේ සෞඛ්‍ය ආරක්ෂාව අවධානමකට පත් වන බව ඔස්ට්‍රේලියානු ක්‍රිකට් ආයතනයේ අදහසයි.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...