තෙවැනි ටෙස්ට් තරගයට ශ්‍රී ලංකාවෙන් වෙනස්කම් දෙකක්

Date:

එංගලන්තය සමග පැවැත්වෙන තෙවැනි හා අවසන් ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කරන ශ්‍රී ලංකා කණ්ඩායම නම් කර තිබෙනවා.

දෙවැනි තරගයට ක්‍රීඩා කළ කණ්ඩායම හා සැසදීමේ දී මෙම කණ්ඩායමට වෙනස්කම් දෙකක් සිදු කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ආරම්භක පිතිකරු නිශාන් මදුෂ්ක හා දග පන්දු යවන ක්‍රීඩක ප්‍රභාත් ජයසූරිය කණ්ඩායමෙන් ඉවත් කිරීමට තීරණය කර තිබෙනවා.

දෙවැනි තරගයෙන් ඉවත් කළ කුසල් මෙන්ඩිස් හා විශ්ව ප්‍රනාන්දු යළි කණ්ඩායමට කැදවීමටයි පියවර ගෙන ඇත්තේ.

ඒ අනුව ශ්‍රී ලංකා කණ්ඩායම තෙවැනි ටෙස්ට් තරගය සදහා ක්‍රීඩා කරන්නේ කිසිදු විශේෂඥ දග පන්දු යවන්නෙකු නොමැතිවයි.

ශ්‍රී ලංකා – එංගලන්ත ටෙස්ට් තරගාවලියේ පළමු තරග 2 ජය ගත් එංගලන්තය තරග 2-0 ක් ලෙස මේ වන විට තරගාවලියේ පෙරමුණ හිමි කර ගෙන සිටින අතර, අවසන් තරගය හෙට ලන්ඩන් නුවර ඕවල් ක්‍රීඩාංගනයේ දී ආරම්භ වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...