තුෂාරගේ මුම්බායි පරදා ලක්නව් පිලට කඩුලු 4ක ජයක්

Date:

පන්දු යවන්නන්ගේ දක්ෂතා හා මර්කස් ස්ටොයිනිස්ගේ අර්ධ ශතකය හමුවේ මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 48 වැනි තරගයෙන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කිරීමට ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සමත් වුණා.

ලක්නව් හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ සුපර් ජයන්ට්ස් කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම කඩුලු 7ක් දැවී ලබා ගත්තේ ලකුණු 144 ක් පමණයි.

ලක්නව් සුපර් ජයන්ට්ස් කණ්ඩායම සිය පිළිතුරු ඉනිමේ දී තරගය නිමා වීමට පන්දු 4 ක් ඉතිරිව තිබියදී කඩුලු 6ක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ලක්නව් ඉනිමේ පළමු පන්දුවාරය නුවන් තුෂාර විසින් යොමු කළ අතර, ඔහු එම පන්දුවාරයේ සිව්වැනි පන්දුවේ දී අර්ෂින් කුල්කාර්නි ලකුණු නොලබා සිටියදී දවා ගනිමින් සිය මංගල අයි.පී.එල් කඩුල්ල බිද හෙලීමට සමත් වුණා.

තුෂාර විසින් පළමු පන්දුවාරයේ දී එක් ලකුණක් පමණක් ලබා දුන් අතර, ඔහු සිය දෙවැනි පන්දුවාරයේ දී ප්‍රතිවාදීන්ට ලබා දුන්නේ ලකුණු 3 ක් පමණයි. පවර්ප්ලේ අවස්ථාව තුළ දී ම සිය තෙවැනි පන්දුවාරය ද යොමු කිරීමට නුවන් තුෂාරට සිදු වූ නමුත්, එම පන්දුවාරයේ දී ලක්නව් පිතිකරුවන් ලකුණු 20 ක් රැස් කළා. ඉනිමේ 16 වැනි පන්දුවාරය යොමු කළ නුවන් තුෂාර එම පන්දුවාරයේ දී ලකුණු 6ක් පමණක් ලබා දුන් අතර, ඒ අනුව ඔහු සිය පන්දුවාර 4 තුළ දී ලකුණු 30 ක් ලබා දෙමින් කඩුල්ලක් දවා ගත්තා.

ලක්නව් පිලට ජයග්‍රහනයේ මාවත විවර කර දුන් මර්කස් ස්ටොයිනිස් පන්දු 45 කින් ලකුණු 62 ක් රැස් කළා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 7 ක් සමගින්. කේ එල් රාහුල් ලකුණු 28 ක් හා දීපක් හූදා ලකුණු 18 ක් ලබා ගත්තා. නිකලස් පූරාන් නොදැවී ලකුණු 14 ක් ලබා ගනිමින් ලක්නව් පිල ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී හර්ඩික් පාන්ඩ්යා ලකුණු 26 කට කඩුලු දෙකක් බිද හෙලුවා.

පළමුව පන්දුවට පහරදුන් මුම්බායි ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණු ප්‍රමාණයක් රැස් කළේ නෙහාල් වදේරා. ඔහු පන්දු 41 කින් ලකුණු 46 ක් ලබා ගත් අතර, ටිම් ඩේවිඩ් නොදැවී ලකුණු 35(18) ක් රැස් කළා. ඉෂාන් කිෂන් ලකුණු 32(36) යි.

පන්දු යැවීමේ දී මොහ්සින් ඛාන් ලකුණු 36 කට කඩුලු 2 ක් දවා ගත්තා. ඔහුට අමතරව මර්කස් ස්ටොයිනිස්, නවීන් උල් හක්, මයාන්ක් යාදව් හා රවී බිෂ්නෝයි කඩුල්ල බැගින් බිද හෙලුවා.

අද ලැබූ ජයත් සමග ලක්නව් පිල ප්‍රසාද ලකුණු සටහනේ 5 වැනි ස්ථානයේ සිට 3 වැනි ස්ථානය දක්වා ඉදිරියට පැමිණීමට ද සමත් වුණා.

[wpdatatable id=6]

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...