තරග පාවාදීම් ගැන ශ්‍රී ලංකාවට එරෙහිව කිසිදු අයි.සී.සී පරීක්ෂණයක් නැහැ – SLC

Date:

තරග පාවාදීම් හෝ විෂමතා සම්බන්ධයෙන් වත්මන් ශ්‍රී ලංකා කණ්ඩායමේ කිසිම ක්‍රීඩකයකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් පරීක්ෂණ සිදු නොකරන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

මේ පිළිබඳව ජාත්‍යන්තර ක්‍රිකට් ආයතනය විසින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය වෙත කිසිදු දැනුම්දීමක් කර නොමැති බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

අද දිනයේදී එක්තරා දිනපතා පුවත්පතක් විසින් ශ්‍රී ලංකා කණ්ඩායමේ ක්‍රීඩකයින් තිදෙනෙකු සම්බන්ධව අන්තර්ජාතික ක්‍රිකට් කවුන්සිලයේ දූෂණ මර්දන ඒකකය විසින් විමර්ෂනයක් සිදුකරමින් ඇති බවට පුවතක් පළ කර තිබුණා.

පාසල්වල යටිතල පහසුකම් නංවාලීම සඳහා භාවිතා කරන නඩත්තු උපකරණ සහ පාසල් ක්‍රිකට් පුහුණුකරුවන් වෙත මුදල් බෙදාදීම වෙනුවෙන් ඊයේ (02) පැවැති මාධ්‍ය හමුවේදී ක්‍රීඩා අමාත්‍යවරයා විසින් ප්‍රකාශ කරන ලද කරුණක් උපුටා දක්වමිනුයි එම ප්‍රවෘත්තිය පළ කර තිබුණේ.

කෙසේ වෙතත්, වත්මන් කණ්ඩායමේ හෝ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සමඟ කොන්ත්‍රාත්ගතව සිටින කිසිම ක්‍රීඩකයකුට එරෙහිව එවැනි කිසිම පරීක්ෂණයක් ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් සිදු නොකරන බවයි ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය සදහන් කර සිටියේ.

ඊයේ දිනයේ දී අමාත්‍යවරයා විසින් සදහන් කරන ලද්දේ හිටපු ක්‍රීඩකයින් තිදෙනෙකුට එරෙහිව ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සිලය විසින් සිදුකරන ලද පරීක්ෂණය පිළිබද මිස වර්තමාන ජාතික කණ්ඩායමේ සිටින ක්‍රීඩකයන් පිළිබඳව නොවන බව ද ක්‍රිකට් ආයතනය පෙන්වා දෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...