ටිම් සවුති KKR කණ්ඩායමට

Date:

නවසීලන්ත වේග පන්දු යවන ක්‍රීඩක ටිම් සවුති කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමග ගිවිසුම්ගත වී තිබෙනවා.

ඒ, මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් තරගාවලියේ ඉතිරි තරග 31 වෙනුවෙන්.

පෞද්ගලික හේතුවක් මත අයි.පී.එල් තරගාවලියේ ඉතිරි තරගවලින් ඉවත් වූ ඔස්ට්‍රේලියාවේ පැට් කමින්ස් වෙනුවට ඔහුව ආදේශ කර ඇති බව සදහන්.

ටිම් සවුති 2019 වසර වන තුරු වසර 6ක කාලයක් අඛණ්ඩව අයි.පී.එල් තරගාවලි නියෝජනය කළ නමුත්, 2020 වසරේ ක්‍රීඩක වෙන්දේසියේ දී ඔහු මිලදී ගැනීමට කිසිදු කණ්ඩායමක් ඉදිරිපත් වූයේ නැහැ.

32 හැවිරිදි ඔහු චෙන්නායි සුපර් කිංග්ස්, මුම්බායි ඉන්දියන්ස් හා රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් යන කණ්ඩායම් සදහා මීට පෙර ක්‍රීඩා කර තිබූ අතර, එහිදී තරග 40ක් තුළ බිද හෙලූ කඩුලු ගණන 28ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...