ටමිම් ඉක්බාල් පාකිස්තාන තරගාවලියෙනුත් ඉවතට

Date:

බංග්ලාදේශ ආරම්භක පිතිකරු ටමිම් ඉක්බාල්ට පාකිස්තානය සමග ආරම්භ වීමට නියමිත තරගාවලි ක්‍රීඩා කිරීමේ අවස්ථාව ද අහිමි වී තිබෙනවා.

ඔහුගේ අතක ඇගිල්ලක සිදුව ඇති ආබාධයක් හේතුවෙනුයි ඔහුට එම තරගාවලි අහිමි වී ඇත්තේ.

පාකිස්තානයට එරෙහි සියලු තරග ක්‍රීඩා කිරීමේ අවස්ථාව මොහොමඩ් සයිෆුදීන්ට ද අහිමි වී ඇති අතර, තුන් ඉරියව් ක්‍රීඩක ශකිබ් අල් හසාන්ට ද පාකිස්තානයට එරෙහිව ආරම්භ වීමට නියමිත 20යි 20 තරගාවලිය ක්‍රීඩා කිරීමේ අවස්ථාව අහිමි වුණා.

ඒ, ශකිබ් අල් හසාන් පන්දුවාර 20යි 20 ලෝක කුසලාන තරගාවලියේ දී මුහුණ දුන් පාදයක ආබාධය හේතුවෙන්.

ටමිම් ඉක්බාල් නිමා වූ 20යි 20 ලෝක කුසලාන තරගාවලිය සදහා ද ක්‍රීඩා නොකිරීමට තීරණය කර තිබුණේ පසුගිය කාලයේ පැවැති ජාත්‍යන්තර 20යි 20 තරග රැසක් සදහා ඔහු ක්‍රීඩා නොකිරීම හේතුවෙන්.

බංග්ලාදේශය හා පාකිස්තානය අතර තරග 3කින් යුත් 20යි 20 තරගාවලිය ලබන 19 වැනිදා ඩකාහී දී ආරම්භ වන අතර, අනතුරුව දෙරට අතර තරග 2කින් යුත් ටෙස්ට් තරගාවලියක් ද පැවැත්වීමට නියමිතයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...