චමරි සහ ශෂිකලාගේ සුපර්නෝවාස් කණ්ඩායම අද තීරණාත්මක තරගයකට

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියට සමගාමීව පැවැත්වෙන කාන්තා අභියෝගතා 20යි 20 තරගාවලියේ  (Women’s T20 Challenge) මූලික වටයේ තෙවන හා අවසන් තරගය අද (7) පැවැත්වෙනවා.

ඒ, Supernovas කණ්ඩායම සහ Trailblazers කණ්ඩායම අතරයි.

තරගය අද රාත්‍රී 7.30ට සාජා ක්‍රීඩාංගනයේ දී ආරම්භ වනු ඇති.

මේ වන විට Trailblazers සහ Velocity කණ්ඩායම් එක් තරගය බැගින් ජය ගෙන ඇති අතර, Supernovas කණ්ඩායම ක්‍රීඩා කළ තරගයෙන් ඔවුන් පසුගියදා පරාජයට පත් වුණා.

ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් දෙදෙනෙකු වන චමරි අතපත්තු සහ ශෂිකලා සිරිවර්ධන ද Supernovas කණ්ඩායම නියෝජනය කරන අතර, අද තරගයෙන් Supernovas කණ්ඩායම ජය ගතහොත් ඔවුන් එළඹෙන 9 වනදා පැවැත්වෙන අවසන් තරගය සදහා සුදුසුකම් ලබනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...