ඉසුරු ඇතුළු RCB ක්‍රීඩකයින් සමු ගත් හැටි

Date:

ශ්‍රී ලංකා තුන් ඉරියව් ක්‍රීඩක ඉසුරු උදාන මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගවාලියේ දී ක්‍රීඩා කළ කණ්ඩායම වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම මේ වන විට තරගාවලියෙන් ඉවත් වී අවසන්.

ඒ, ඊයේ (6) පැවැති අවසන් වටයේ දෙවැනි තරගයෙන් ඔවුන් සන්රයිසස් හයිදරාබාද් කණ්ඩායම හමුවේ කඩුලු 6කින් පරාජයට පත්වීමත් සමගයි.

මෙවර තරග වාරයේ එකම ශ්‍රී ලංකා නියෝජනය වූ ඉසුරු උදාන බැංගලෝර් කණ්ඩායම ක්‍රීඩා කළ තරග 15න් තරග 10ක් සදහාම ක්‍රීඩා කළා.

එහිදී පන්දු 174ක් යොමු කළ ඉසුරු ලකුණු 282ක් ප්‍රතිවාදීන්ට ලබා දී කඩුලු 8ක් දවා ගැනීමට සමත් වුණා.

ඊයේ පැවැති තරගයෙන් පරාජය වීමත් සමග ක්‍රීඩක විවේකාගාරයේ දී ආර්.සී.බී ක්‍රීඩකයින් එකිනෙකාට සමු දෙන ආකාරය ඇතුළත් වීඩියෝවක් මේ වන විට අන්තර්ජාලයට නිකුත් කර තිබෙනවා.

ඊට අදාළ දර්ශන පහතින් –

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...