චමරි අතපත්තුට වසර තුනක ෆ්‍රැන්චයිස් ගිවිසුමක්

Date:

ශ්‍රී ලංකා නායිකා චමරි අතපත්තු සමග වසර තුනක ගිවිසුමක් අත්සන් කිරීමට ඔස්ට්‍රේලියානු කාන්තා බිග් බෑෂ් ලීග් (WBBL) තරගාවලියට ක්‍රීඩා කරන සිඩ්නි තන්ඩර් කණ්ඩායම පියවර ගෙන තිබෙනවා.

ඒ, WBBL තරගාවලියේ 2024-25 අදියර ඔක්තෝබර් 27 වැනිදා ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි.

චමරි අතපත්තු පසුගිය තරග වාරයේ දී ද තන්ඩර් කණ්ඩායම නියෝජනය කළ අතර, තරගාවලියේ වීරවරිය සම්මානයෙන් ද පිදුම් ලැබුවේ ඇයයි.

එම තරග වාරයේ දී චමරි ලකුණු 552 ක් රැස් කළේ ඉනිමක සාමාන්‍ය 42.46 ක් ලෙස සටහන් කර ගනිමින්. ඇය කඩුලු 9ක් ද දවා ගත්තා.

එළඹෙන කාන්තා බිග් බෑෂ් ලීග් තරගාවලියට අදාළ ක්‍රීඩිකාවන් කෙටුම්පත් කිරීමේ හෙවත් තෝරා ගැනීමේ (Draft) කටයුතු සැප්තැම්බර් පළමු වැනිදා සිදු කිරීමට නියමිතයි.

ඊට පෙර සෑම කණ්ඩායමකටම එක් විදෙස් ක්‍රීඩිකාවක් සමග වසර තුනක කාලයක් ගිවිසුම්ගත වීමට අවස්ථාව ලබා දී තිබෙනවා. ඒ අනුවයි තන්ඩර් කණ්ඩායම විසින් චමරි සමග මෙලෙස ගිවිසුම්ගත වී ඇත්තේ.

මීට පෙර WBBL තරගාවලියේ දී චමරි මෙල්බර්න් රෙනෙගේඩ්ස් හා පර්ත් ස්කෝචර්ස් යන කණ්ඩායම් ද නියෝජනය කර තිබෙනවා.

Sydney Thunder updated squad

Chamari Athapaththu, Samantha Bates, Hannah Darlington, Saskia Horley, Anika Learoyd, Phoebe Litchfield, Claire Moore, Taneale Peschel, Georgia Voll, Tahlia Wilson

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...