ඉන්දියාව එපා කියූ T20 ලෝක කුසලානයේ සත්කාරකත්වය ශ්‍රී ලංකාවට ද?

Date:

ඔක්තෝබර් මාසයේ දී පැවැත්වීමට නියමිත කාන්තා පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සත්කාරකත්වය ලබා ගන්නා ලෙසට ජාත්‍යන්තර ක්‍රිකට් කවුන්සලය විසින් ඉන්දියාවට කළ යෝජනාව එරට ක්‍රිකට් පාලක මණ්ඩලයේ ලේකම් ජේ ශාහ් විසින් ප්‍රතික්ෂේප කර තිබෙනවා.

මෝසම් වැසි හා කාන්තා එක්දින ලෝක කුසලාන තරගාවලිය ද ලබන වසරේ දී ඉන්දියාවේ දී පැවැත්වීමට නියමිතව තිබීම පදනම් කර ගනිමින් මෙවර කාන්තා විස්සයි 20 ලෝක කුසලානයේ සත්කාරකත්වය දැරීමට අකමැත්ත පල කළ බවයි ජේ ශාහ් සදහන් කළේ.

T20 ලෝක කුසලාන තරගාවලිය බංග්ලාදේශයේ දී පැවැත්වීමට නියමිතව ඇතත්, එරට පවතින අර්බුදකාරී තත්ත්වය හේතුවෙන් තරගාවලිය වෙනත් රටක පැවැත්වීම සම්බන්ධයෙන් මේ වන විට අවධානය යොමුව තිබෙනවා.

මේ සම්බන්ධයෙන් අවසන් තීරණය ජගත් ක්‍රිකට් කවුන්සලය විසින් අගෝස්තු 20 වැනිදා ගැනීමට නියමිතව ඇති බව ද සදහන්.

ඉන්දියාව සත්කාරකත්වය දැරීම ප්‍රතික්ෂේප කර ඇති බැවින් ඔක්තෝබර් 3-20 අතර පැවැත්වීමට නියමිත ලෝක කුසලාන තරගාවලියේ සත්කාරකත්වය සදහා මේ වන විට ඉතිරිව ඇති විකල්ප රටවල් දෙක බවට පත්ව ඇත්තේ ශ්‍රී ලංකාව හා එක්සත් අරාබි එමීර් රාජ්‍යයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...