චමරිගේ සුපිරි ශතකය ශ්‍රී ලංකාවට අවසන් තරගයෙන් විශිෂ්ඨ ජයක් හිමි කර දෙයි

Date:

චමරි අතපත්තු වාර්තා කළ සිය 6 වැනි එක්දින ශතකය හේතුවෙන් පාකිස්තාන තරග සංචාරය යටතේ අද(5) පැවැති තෙවැනි හා අවසන් එක්දින ක්‍රිකට් තරගයෙන් ලකුණු 93ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, තරග 3කින් යුත් එක්දින තරගාවලිය තරග 2-1ක් ලෙස ජය ගත්තේ පාකිස්තානයයි.

කරච්චි හී දී අද පැවැති තරගයේ කාසියේ වාසිය දිනා ගත් ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම පළමුවෙන් පන්දුවට පහර දීමට තීරණය කළා.

ඒ අනුව ශ්‍රී ලංකා ක්‍රීඩිකාවන් නියමිත පන්දුවාර 50 අවසානයේ කඩුලු 7ක් දැවී ලකුණු 260ක් ලබා ගැනීමට සමත් වුණා.

ඒ, නායිකා චමරි අතපත්තු පන්දු 85කින් වාර්තා කළ ලකුණු 101 න් ශක්තිමත් වෙමින්. චමරිගේ ඉනිමට හයේ පහරක් හා හතරේ පහර 13ක් ඇතුළත්.

ඇයට මනා සහයෝගයක් ලබා දුන් හර්ෂිතා මාධවී ලකුණු 75(128)ක් රැස් කළා.

ශ්‍රී ලංකා ඉනිමේ දෙවැනි කඩුල්ල ලකුණු 4 දී බිද වැටුණු පසුබිමක පිටියේ එක් වූ ඔවුන් දෙදෙනා තෙවැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය ලකුණු 152 (174)ක්.

කවීෂා දිල්හාරි ලකුණු 28ක් ද, නිලක්ෂි ද සිල්වා නොදැවී ලකුණු 24ක් ද වාර්තා කරමින් ශ්‍රී ලංකා ඉනිම ශක්තිමත් කළා.

පන්දු යැවීමේ දී Anam Amin හා Fatima Sana කඩුලු 2 බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පාකිස්තානයට පන්දුවාර 41.4ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 167ක් පමණයි.

Aliya Riaz ලකුණු 56ක් හා Omaima Sohail ලකුණු 40ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ඕෂධී රණසිංහ හා චමරි අතපත්තු කඩුලු 2 බැගින් බිද හෙලුවා.

ශ්‍රී ලංකා කාන්තා කණ්ඩායම 2022-25 අයි.සී.සී කාන්තා ශූරතාවලිය යටතේ ලැබූ පළමු ජයග්‍රහනය ද මෙයයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...