ග්‍රෑන්ඩ්හෝම් ටෙස්ට් තරගාවලියෙන් ඉවතට

Date:

නවසීලන්ත තුන් ඉරියව් ක්‍රීඩක කොලින් ද ග්‍රෑන්ඩ්හෝම්ට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය අහිමි වී තිබෙනවා.

ඒ, ඔහු දකුණු පාදයේ ආබාධයකට ගොදුරු වීම හේතුවෙන්.

ඔහුට අමතරව පාදයක ආබාධයකට ලක්වී සුවය ලබමින් සිටින දග පන්දු යවන ක්‍රීඩක අජාස් පටෙල්ට ද පළමු ටෙස්ට් තරගය අහිමි වන බව සදහන්.

ඒ අනුව කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් වෙනුවට Daryl Mitchell නවසීලන්ත සංචිතයට කැදවා ඇති අතර, අජාස් පටෙල් වෙනුවට ආදේශ කර ඇත්තේ මිචෙල් සැන්ට්නර්.

ටෙස්ට් තරගාවලියට පෙර දෙරට අතර පැවැත්වෙන 20යි 20 තරගාවලියේ තෙවැනි තරගයේ දී නවසීලන්ත කණ්ඩායමේ නායකයා ලෙස පත් කර ඇත්තේ ද මිචෙල් සැන්ට්නර්.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...