කෝලිගේ IPL සිහිනය දිගු වෙයි – RCB පරදා සංගාගේ රාජස්ථාන් Qualifier 2 තරගයට

Date:

විරාත් කෝලිගේ අයි.පී.එල් කුසලාන සිහිනය තවදුරටත් ප්‍රමාද කරමින් 2024 ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අවසන් වටයේ තෙවැනි තරගය හෙවත් Qualifier 2 තරගය සදහා සුදුසුකම් ලබා ගැනීමට කුමාර් සංගක්කාර පුහුණුකාරීත්වය දරන රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම අද(22) සමත් වුණා.

ඒ, අවසන් වටයේ දෙවැනි තරගය හෙවත් Eliminator තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු 4 ක ජයක් වාර්තා කරමින්.

අහ්මදාබාද්හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ රාජස්ථාන් ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 8 ක් දැවී ලකුණු 172 ක් ලබා ගත්තා. පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් පිල ජයග්‍රහනය වාර්තා කළේ පන්දුවාර 19 ක් අවසානයේ දී කඩුලු 6 ක් දැවී සිටියදීයි.

මෙම තරගයෙන් පරාජයට පත් වීමත් සමග බැංගලූරු කණ්ඩායමට තරගාවලියෙන් ඉවත් වීමට සිදු වූ අතර, එළඹෙන 24 වැනිදා චෙන්නායි හී දී පැවැත්වෙන අවසන් වටයේ තෙවැනි තරගයේ දී රාජස්ථාන් කණ්ඩායම, සන්රයිසස් හයිදරබාද් කණ්ඩායමට එරෙහිව තරග වැදීමට නියමිතයි.

එම තරගයෙන් ජය ගන්නා කණ්ඩායම එළඹෙන 26 වැනිදා පැවැත්වෙන අවසන් මහා තරගයට සුදුසුකම් ලබා ගන්නවා. ඒ, කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායමට එරෙහිවයි.

ප්‍රේක්ෂකයින් 87,000 ක් ඉදිරියේ අද පැවැති තරගයේ පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල වෙනුවෙන් රාජත් පටිදර් ලකුණු 34 ක්, විරාත් කෝලි ලකුණු 33 ක් හා මහිපාල් ලොම්රෝර් ලකුණු 32 ක් රැස් කළා. පන්දු යැවීමේ දී අවේශ් ඛාන් ලකුණු 44 කට කඩුලු 3 ක් හා ආර් අශ්වින් ලකුණු 19 කට කඩුලු 2 ක් බිද හෙලුවා.

රාජස්ථාන් පිළිතුරු ඉනිම වෙනුවෙන් වැඩිම ලකුණුලාභියා වූයේ යශස්වි ජයිස්වාල්. ඔහු ලකුණු 45 ක් රැස් කළ අතර, රියාන් පරාග් ලකුණු 36 යි. ශිම්රන් හෙට්මයර් ලකුණු 26 කට දැවී ගිය අතර, රොව්මන් පවෙල් නොදැවී ලකුණු 16 ක් ලබා ගනිමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

පන්දු යැවීමේ දී මොහමඩ් සිරාජ් ලකුණු 33 කට කඩුලු 2 ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...