කෝලිගේ 83* අපතේ යයි – සුනිල්ගේ හා වෙන්කටේෂ්ගේ ප්‍රහාරය හමුවේ KKR ජය ගනියි

Date:

මෙවර ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 10 වැනි තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලූරු කණ්ඩායම පරදා කඩුලු හතක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම අද(29) සමත් වුණා.

බැංගලූරුහි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායමේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු කණ්ඩායම නියමිත පන්දුවාර 20 අවසානයේ කඩුලු 6 ක් දැවී ලකුණු 182 ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නයිට් රයිඩර්ස් පිල පන්දුවාර 16.5 ක් අවසානයේ කඩුලු 3ක් දැවී පහසුවෙන් ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

සුනිල් නරේන් පන්දු 22 කින් ලකුණු 47 ක් හා පිල් සෝල්ට් පන්දු 20 කින් ලකුණු 30 ක් ලබා ගනිමින් ඉනිමට වේගවත් ආරම්භයක් හිමි කර දුන්නා. නරේන්ගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 2ක් ඇතුළත්.

අංක 3 පිතිකරු වූ වෙන්කටේෂ් අයියර් පන්දු 30 කින් ලකුණු 50 ක් ලබා සිටියදී දැවී ගියා. හයේ පහර 4ක් හා හතරේ පහර 3 ක් ඔහුගේ ඉනිම වර්ණවත් කළා. නායක ෂ්රෙයස් අයියර් නොදැවී ලකුණු 39(24)යි.

පළමුව පන්දුවට පහරදුන් බැංගලූරු පිල වෙනුවෙන් ආරම්භක පිතිකරු විරාත් කෝලි නොදැවී ලකුණු 83 ක් රැස් කළේ පන්දු 59 කින්. හයේ පහර හා හතරේ පහර 4 බැගින් ඔහුගේ ඉනිමට ඇතුළත් වුණා.

කැමරන් ග්‍රීන් ලකුණු 33 යි. ග්ලේන් මැක්ස්වෙල් ලකුණු 28 කටත්, දිනේෂ් කාර්තික් ලකුණු 20 කටත් දැවී ගියා.

පන්දු යැවීමේ දී හර්ෂිත් රානා හා අන්ඩ්‍රි රසල් කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...