කෝලිගේ නායකත්වය ප්‍රශ්නයට ලක් කරමින් පංජාබයට ජය

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ සිය දෙවැනි ජය වාර්තා කිරීමට කිංග්ස් ඉලවන් පන්ජාබ් කණ්ඩායම සමත් වුණා.

ඒ, තරගාවලියේ 31 වන තරගයෙන් රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් කණ්ඩායම පරදා කඩුලු 8ක ජයක් වාර්තා කරමින්.

සාජාහි පැවැති තරගයේ පළමුවෙන් පන්දුවට පහරදුන් බැංගලෝර් කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 171ක් ලබා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ පන්ජාබ් කණ්ඩායම ඉනිමේ අවසන් පන්දුවේ දී ජයග්‍රාහී ඉලක්කය පසු කළේ කඩුලු 2ක් පමණක් දැවී සිටියදීයි.

ඉසුරු උදානට මෙම තරගයේ දී පන්දුවාර දෙකක් පමණක් යැවීමට ලබා දීම සම්බන්ධයෙන් බොහෝ පාර්ශව නොසතුට පල කරනවා.

ඔහු සිය පන්දුවාර දෙක තුළ ලබා දුන්නේ ලකුණු 14ක් පමණයි.

මෙම තරගය විරාට් කෝලිගේ නායකත්වය දැඩි ලෙස කතා බහට ලක් වූ තරගයක් බවට පත් වුණේ ඔහු පන්දු යවන්නන් යොදා ගත් ආකාරය සහ පිතිකරණ අනුපිළිවෙල සකස් කිරීමේ දී ඒ බී ඩි විලියස් අංක 6 පිතිකරු ලෙස පිටියට එවීමට කටයුතු කිරීම හේතුවෙන්.

මෙම තරගයේ අවසන් පන්දුවාරයට ලකුණු 2ක් පමණක් ලබා ගැනීමට පන්ජාබ් කණ්ඩායමට අවශ්‍යව තිබූ නමුත් අවසන් පන්දුව දක්වාම තරගය රැගෙන යාමට යුස්වේන්ද්‍ර චහෙල් සමත් වුණා.

ඊට අදාළ දර්ශන නැරඹීම සදහා මෙතන ක්ලික් කරන්න

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...