කොල්කටා පන්දු යවන්නන් අසරණ කරමින් භානුකගෙන් නව වාර්තාවක්

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ අට වන තරඟය අද රාත්‍රියේ මුම්බායි හි වන්කඩේ ක්‍රීඩාංගණයේ දී ආරම්භ වුණා.

ඒ කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සහ පංජාබ් කිංග්ස් කණ්ඩායම අතරයි.

තරඟයේ කාසියේ වාසිය දිනූ කොල්කටා කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි පන්ජාබ් කණ්ඩායමේ පළමු කඩුල්ල ලෙස මයාන්ක් අගාර්වල් එක් ලකුණකට පළමු පන්දුවාරයේදී ම දැවී ගියා.

අනතුරුව පිටියට පිවිසි භානුක රාජපක්ෂ පන්දු 9ක් පමණක් වැය කරමින් වේගවත් ලකුණු 31 ක් රැස්කිරීමට සමත්වුණා.

ඔහුගේ ඉනිම හතරේ පහර තුනකින් සහ ශිවම් මාවිට එරෙහිව අඛණ්ඩව එල්ල කළ හයේ පහර 3 කින් වර්ණවත් වුණා.

භානුකගේ ප්‍රහාරාත්මක වේගය සටහන් වුණේ 344.44 ක් ලෙසයි.

එය පංජාබ් කණ්ඩායම වෙනුවෙන් පිතිකරුවෙකු වාර්තා කළ ඉහළම ප්‍රහාරාත්මක වේගය වීම විශේෂත්වයක්.

මීට පෙර හිටපු නායක කේ.එල් රාහුල් 2018 වසරේදී දිල්ලි කණ්ඩායමට එරෙහිව පන්දු 16කින් ලකුණු 51 ක් ලබා අදාල වාර්තාවට හිමිකම් කීවා. ඒ, 318.75 ක ප්‍රහාරාත්මක වේගයක් සටහන් කර ගනිමින්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...