කොල්කටාවට ලකුණු 37ක ජයක් – Match Report

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලියේ 12 වන තරගයෙන් ලකුණු 37ක ජයක් වාර්තා කිරීමට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම සමත් වුණා.

ඩුබායිහි පැවැති තරගයේ දී ඔවුන් හමුවේ පරාජයට පත් වූයේ රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායමයි.

තරගයේ කාසියේ වාසිය දිනා ගත් රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම පළමුවෙන් පන්දු යැවීමටයි තීරණය කළේ.

ඒ අනුව කොල්කටා කණ්ඩායම කඩුලු 6ක් දැවී ලකුණු 174ක් ලබා ගත්තා.

ෂුබ්මන් ගිල් ලකුණු 47ක් සහ ඉයන් මෝර්ගන් නොදැවී ලකුණු 34ක් රැස් කළා.

පන්දු යැවීමේ දී ජොෆ්ර ආචර් කඩුලු 2ක් බිද හෙලුවේ ලකුණු 18ක් ලබා දෙමින්

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ රාජස්ථාන් කණ්ඩායමට කඩුලු 9ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 137ක් පමණයි.

ටොම් කරන් පන්දු 36කදී නොදැවී ලකුණු 54ක් ලබාගත්තා.

පන්දු යැවීමේ දී ශිවම් මාවි, කම්ලේශ් නගර්කෝටි සහ වරුන් චක්‍රවර්ති කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...