කොරෝනා ආසාදනය වූ මැතිව්ස් ටෙස්ට් තරගයෙන් ඉවතට ; දින 5ක් හුදෙකලා කෙරේ

Date:

ශ්‍රී ලංකා මැද පෙල පිතිකරු ඇන්ජෙලෝ මැතිව්ස්ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

ඔස්ට්‍රේලියාව සමග මේ දිනවල ගාල්ලේ දී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අද(1) ආරම්භ වීමට නියමිතව ඇති පසුබිමකයි මේ බව අනාවරණය වී ඇත්තේ.

ඒ හේතුවෙන් ඔහුට මෙම තරගයෙන් ඉවත් වීමට සිදුව තිබෙනවා.

ඔහු වෙනුවට ඕෂද ප්‍රනාන්දු කොවිඩ් ක්‍රීඩක ආදේශ කිරීම් යටතේ ශ්‍රී ලංකා කණ්ඩායමට ආදේශ කිරීමටයි කටයුතු කර ඇත්තේ.

ඊයේ දිනයේ දී ඇන්ජෙලෝ මැතිව්ස් මුහුණ දුන් රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවකදී ඔහුට කොවිඩ් 19 ආසාදනය වී ඇති බව හදුනා ගත් බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කළා.

ඔහු අසනීප තත්ත්වයෙන් පසුවීම හේතුවෙන් එම පරීක්ෂණය සිදු කර තිබුණා.

මේ වන විට මැතිව්ස් සෙසු සාමාජිකයින්ගෙන් හුදෙකලා කිරීමට ද කටයුතු කර තිබෙනවා.

ඔහු එලෙස දින 5ක් හුදෙකලා කර තැබීමට නියමිත බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...