ඔස්ට්‍රේලියාව ලකුණු 321කට සීමා වෙයි

Date:

ශ්‍රී ලංකාව හා ඔස්ට්‍රේලියාව අතර ගාල්ලේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ තෙවැනි දිනය අදයි.

දිනය ආරම්භ කරන විට සිය පළමු ඉනිම වෙනුවෙන් කඩුලු 8ක් දැවී ලකුණු 313ක් ලබා සිටි ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ සියලු දෙනා ලකුණු 321කට සීමා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම සමත් වුණා.

කෙසේ වෙතත්, ශ්‍රී ලංකාව පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු 212ට වඩා ඔවුන් මේ වන විට ලකුණු 109ක් ඉදිරියෙන් පසුවනවා.

අද දිනයේ දී ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ අවසන් කඩුලු දෙක දවා ගැනීමට සමත් වුණේ අසිත ප්‍රනාන්දු විසින්.

පැට් කමින්ස් හා මිචෙල් ස්වෙප්සන්ගේ කඩුලු දෙකයි ඔහු එලෙස දවා ගත්තේ. (දර්ශන පහතින්)

දැවී යන විට කමින්ස් ලකුණු 26ක් ද, ස්වෙප්සන් එක් ලකුණක් ද ලබා සිටියා. නේදන් ලයන් නොදැවී ලකුණු 15යි.

ඔස්ට්‍රේලියානු ඉනිමේ වැඩිම ලකුණු ලාභියා වූ කැමරන් ග්‍රීන් ලකුණු 77ක් රැස් කළ අතර, උස්මාන් කවාජා ලකුණු 71ක් ලබා ගත්තා. ඇලේක්ස් කෙරී ලකුණු 45යි.

පන්දු යැවීමේ දී රමේෂ් මෙන්ඩිස් කඩුලු 4ක් දවා ගත් අතර, අසිත ප්‍රනාන්දු හා ජෙෆ්රි වැන්ඩර්සේ කඩුලු 2 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...