කොදෙව් ක්‍රීඩකයින් 25ක් එංගලන්ත සංචාරයට

Date:

එළඹෙන එංගලන්ත තරග සංචාරය සම්බන්ධයෙන් මේ වන විට අවසන් අදියරේ සාකච්ඡා දෙරටේ ක්‍රිකට් ආයතන අතර සිදු වෙමින් පවතින බව බටහිර ඉන්දීය කොදෙව් ක්‍රිකට් ආයතනය පවසනවා.

එහි ප්‍රධාන විධායක නිළධාරී Johnny Grave, cricinfo වෙබ් අඩවිය වෙත සදහන් කළේ පළමු ටෙස්ට් තරගය ආරම්භ විමට සති 4ක පමණ කාලයකට පෙර කොදෙව් සංචිතයේ ක්‍රීඩකයින්ට එංගලන්තය බලා පිටත්ව යාමට සිදු වන බවයි.

මෙම තරග සංචාරයේ දී දෙරට අතර ටෙස්ට් තරග 3ක් පැවැත්විමට නියමිතයි.

එම ටෙස්ට් තරග ජූලි 8, 16 සහ 24 යන දිනවලදී ආරම්භ වනු ඇති.

කෙසේ වෙතත්, තරග පැවැත්වෙන ක්‍රීඩාංගන සම්බන්ධයෙන් මෙතෙක් අවසන් තීරණයකට එළඹ නැහැ.

ජූනි 8 වනදා පමණ කොදෙව් කණ්ඩායම එංගලන්තය බලා පිටත්ව යාමට නියමිතව ඇති බවයි Johnny Grave කියා සිටියේ.

තරග සංචාරය සදහා ටෙස්ට් සංචිතයේ ක්‍රීඩකයින් 15 දෙනා සහ අමතර ක්‍රීඩකයින් 10 දෙනෙකු ද රැගෙන යන බව හෙතෙම සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...