කොදෙව්වන්ට තරග 3-0ක තරගාවලි ජයක්

Date:

නෙදර්ලන්තය සමග පැවැති තරග 3කින් යුත් එක්දින ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට සංචාරක බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම සමත් වුණා.

ඒ, දෙරට අතර පැවැති තෙවැනි හා අවසන් එක්දින තරගයෙන් කොදෙව්වන් ලකුණු 20ක ජයක් වාර්තා කරමින්.

Amstelveen හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් කොදෙව්වන් කඩුලු 5ක් දැවී ලකුණු 308ක් රැස් කළා.

ඒ, ක්යල් මේයර්ස් ලබා ගත් ලකුණු 120න් හා ශමාර් බෘක්ස් නොදැවී ලබා ගත් ලකුණු 101න් ශක්තිමත් වෙමින්.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නෙදර්ලන්තයට පන්දුවාර 49.5ක් අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 288ක් පමණයි.

Max O’Dowd ලකුණු 89ක්, Vikramjit Singh ලකුණු 54ක් රැස් කළා.

පන්දු යැවීමේ දී Shermon Lewis කඩුලු 3ක් බිද හෙලූ අතර, අකීල් හොසේන් හා හෙයිඩ්න් වොල්ෂ් කඩුලු 2 බැගින් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...