එංගලන්තය ජයග්‍රහනයට ලකුණු 61ක් පිටුපසින්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා එංගලන්ත කණ්ඩායම අතර පැවැත්වෙන තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ පළමු තරගයේ තෙවැනි දිනය අද(4) ලන්ඩන් නුවර ලෝඩ්ස් ක්‍රීඩාංගනයේ දී නිමා වුණේ තරගය ජය ගැනීම සදහා එංගලන්තය ලකුණු 61ක් පමණක් පිටුපසින් රැදී සිටිමින්.

දිනය නිමා වන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 277ක ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 5ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 216ක්.

ජෝ රූට් නොදැවී ලකුණු 77ක් හා බෙන් ෆෝක්ස් නොදැවී ලකුණු 9ක් ලබා කඩුල්ලේ රැදී සිටිනවා. ඔවුන් දෙදෙනා අතර 6 වැනි කඩුල්ල සදහා මේ වන විට ගොඩ නැගී ඇති නොබිදුණු සබදතාවය ලකුණු 57ක්.

නායක බෙන් ස්ටොක්ස් ලකුණු 54කට දැවී ගියා. ඔහු එක් ලකුණක් ලබා සිටියදී කොලින් ද ග්‍රෑන්ඩ්හෝම් යොමු කළ පන්දුවක් හමුවේ පන්දුව කෙළින්ම කඩුල්ලේ වැදී දැවී ගිය නමුත්, එය නිපන්දුවක් ලෙස පසුව සංඥා කිරීම හේතුවෙන් තවදුරටත් පිටියේ රැදී සිටීමට ඔහු වාසනාවන්ත වුණා.

ඉනිමේ 4 වැනි කඩුල්ල ලකුණු 69දී බිද වැටුණු අතර, අනතුරුව රූට් හා ස්ටොක්ස් අතර 5 වැනි කඩුල්ල සදහා ලකුණු 90ක සබදතාවයක් ගොඩ නැගුණා.

පන්දු යැවීමේ දී ක්යිල් ජමීසන් ලකුණු 59කට කඩුලු 4ක් දවා ගත්තා.

අද දිනයට තරගය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි නවසීලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 236ක් ලබා සිටියා. ඔවුන් සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 285ක්.

ඩැරල් මිචෙල් ලකුණු 108ක් රැස් කළ අතර, ටොම් බ්ලන්ඩල් ලකුණු 96කට දැවී ගියා. ඔවුන් දෙදෙනා 5 වැනි කඩුල්ල සදහා ගොඩ නැගූ සබදතාවය ලකුණු 195ක්.

පන්දු යැවීමේ දී ස්ටුවට් බ්‍රෝඩ් හා මැතිව් පොට්ස් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් නවසීලන්තය සියලු දෙනා දැවී පළමු ඉනිමේ දී රැස් කළ ලකුණු සංඛ්‍යාව 132ක්.

පිළිතුරු ලෙස එංගලන්තයට සිය පළමු ඉනිම සදහා සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 141ක් පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...