කැපිටල්ස් කණ්ඩායමට ලකුණු 42 ක ජයක්

Date:

ඉන්දියාවේ පැවැත්වෙන කාන්තා ප්‍රිමියර් ලීග් (WPL) ක්‍රිකට් තරගාවලියේ 5 වැනි තරගයෙන් ජය වාර්තා කිරීමට දිල්ලි කැපිටල්ස් කාන්තා කණ්ඩායම සමත් වුණා.

මුම්බායි හි DY Patil ක්‍රීඩාංගනයේ පැවැති තරගයෙන් ඔවුන් හමුවේ ලකුණු 42 කින් පරාජයට පත් වූයේ යූපී වොරියර්ස් කණ්ඩායමයි.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් දිල්ලි කණ්ඩායම කඩුලු 4 ක් දැවී ලකුණු 211 ක් ලබා ගත්තා. නායිකා මැග් ලෙනින් පන්දු 42 කින් ලකුණු 70 ක් රැස් කළා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ වොරියර්ස් කණ්ඩායමට පන්දුවාර 20 අවසානයේ කඩුලු 5 ක් දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 169 ක් පමණයි.

Tahlia McGrath නොදැවී ලකුණු 90 ක් ලබා ගැනීම කැපී පෙනුණා. පන්දු 50 කින් වාර්තා වූ ඇයගේ ඉනිමට හයේ පහර 4 ක් හා හතරේ පහර 11 ඇතුළත්.

පන්දු යැවීමේ දී Jess Jonassen ලකුණු 43 කට කඩුලු 3 ක් දවා ගත්තා.

WPL තරගාවලියේ ප්‍රසාද ලකුණු සටහනට අනුව මේ වන විට එහි පෙරමුණ හිමි කර ගැනීමට මුම්බායි ඉන්දියන්ස් කණ්ඩායම සමත්ව සිටින්නේ ක්‍රීඩා කළ තරග දෙකම ජය ගනිමින්.

දෙවැනි ස්ථානය ද ක්‍රීඩා කළ තරග දෙකම ජය ගත් දිල්ලි කණ්ඩායමට හිමිව තිබෙනවා.

වොරියර්ස් පිල තෙවැනි ස්ථානයේ පසුවන අතර, ක්‍රීඩා කළ තරග දෙකම පරාජයට පත් වූ රෝයල් චැලෙන්ජර්ස් බැංගලෝර් හා ගුජරාට් ජයන්ට්ස් කණ්ඩායම් පිළිවෙලින් සිව්වැනි හා පස්වැනි ස්ථානයේ රැදී සිටිනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...