අවාසනාවන්ත විදිහට නිශාන් මදුෂ්කට අවස්ථාවක් දෙන්න වෙන්නේ නෑ : දිමුත්

Date:

නවසීලන්තයට එරෙහි ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දී නවක මුල්පෙල පිතිකරුවෙකු වන නිශාන් මදුෂ්කට ටෙස්ට් වරම් දිනා ගැනීමට ඇති අවස්ථාව ඉතා සීමිත බව ශ්‍රී ලංකා ටෙස්ට් කණ්ඩායමේ නායක දිමුත් කරුණාරත්න පවසනවා.

නවසීලන්තයට එරෙහි ටෙස්ට් තරගාවලිය සම්බන්ධයෙන් අදහස් දක්වමින් ඔහු ඒ බව සදහන් කළා.

නිශාන් මදුෂ්ක මුල්පෙල පිතිකරුවෙකු හා කඩුලු රකින පිතිකරුවෙකු ලෙස සංචිතයට නම් කර ඇති බැවින් මුල්පෙල පිතිකරුවෙකු හෝ කඩුලු රකින ක්‍රීඩක නිරෝෂන් දික්වැල්ල වෙනුවටයි මදුෂ්කට කණ්ඩායමට ක්‍රීඩා කළ හැකි වන්නේ.

කෙසේ වෙතත්, ටෙස්ට් කණ්ඩායමේ පිතිකරුවන් සියලු දෙනාම පාහේ දක්ෂතා අතර රැදී සිටිමින් සිය ස්ථාන තහවුරු කර ගෙන ඇති බැවින් අවාසනාවකට නිශාන් මදුෂ්කට මෙම තරගාවලියේ දී ටෙස්ට් වරම් දිනා ගැනීමට අවස්ථාවක් නොලැබෙනු ඇති බව දිමුත්ගේ අදහසයි.

යම් පිතිකරුවෙකු ආබාධයකට ලක් වුවහොත් පමණක් නිශාන් මදුෂ්කට කණ්ඩායමට ක්‍රීඩා කිරීමේ හැකියාව ලැබෙනු ඇති බවයි ශ්‍රී ලංකා නායකයා සදහන් කර සිටියේ.

එමෙන්ම නිරෝෂන් දික්වැල්ල ද අසාර්ථක වුවහොත් ඔහු වෙනුවට නිශාන් මදුෂ්ක කණ්ඩායමට කැදවීමට ද අවස්ථාව පවතින බව දිමුත් කරුණාරත්න අවධාරණය කර සිටියා.

Watch : දික්වැල්ලට මොකද වෙන්නේ ? මදුෂ්ක කඩුලු රකින පිතිකරු වෙයි ද? දිමුත් අදහස් දක්වයි

දිමුත් වැඩිදුරටත් නිශාන් මදුෂ්ක සම්බන්ධයෙන් අදහස් දැක් වූ අයුරු පහතින් නරඹන්න.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...