කැනඩා ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් දසනායක ඉවතට

Date:

කැනඩා ජාතික ක්‍රිකට් කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු පුබුදු දසනායක මහතා එම ධූරයෙන් ඉවත් කිරීමට එරට ක්‍රිකට් ආයතනය තීරණය කර තිබෙනවා.

එළඹෙන පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ජූනි පළමු වැනිදා පැවැත්වෙන පළමු තරගයේ දී ම ඇමෙරිකාවට එරෙහිව කැනඩාව තරග වැදීමට නියමිතව ඇති පසුබිකයි මෙලෙස ප්‍රධාන පුහුණුකරු ධූරයෙන් ඉවත් කිරීමට පියවර ගෙන ඇත්තේ.

ශ්‍රී ලංකාව හා කැනඩා කණ්ඩායම නියෝජනය කරමින් ජාත්‍යන්තර තරග ක්‍රීඩා කර ඇති දසනායක, පසුගිය වසර දෙක තුළ කැනඩා කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ධූරයේ කටයුතු කළා.

ඔහු මීට පෙර නේපාල කණ්ඩායමේ පුහුණුකරු ලෙස දෙවරක් කටයුතු කර තිබූ අතර, ඇමෙරිකා එක්සත් ජනපද කණ්ඩායමේ ද පුහුණුකරු ලෙස කටයුතු කර තිබුණා.

පුබුදු දසනායක වෙනුවට මෙතෙක් කිසිදු පුද්ගලයෙකු ප්‍රධාන පුහුණුකරු තනතුර සදහා පත් කර නැහැ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...