ක්‍රිකට් සභාපති වැඩ භාර ගනියි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නව සභාපතිවරයා ලෙස අද(20) යළි තේරී පත් වූ ශම්මි සිල්වා මහතා පස්වරුවේ සිය ධූරයේ වැඩ භාර ගත්තා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතන මූලස්ථානයේ දී යි.

එම අවස්ථාවට අද පැවැති ක්‍රිකට් නිලවරණයෙන් තේරී පත් වූ සෙසු නිළධාරීන් ද එක්ව සිටියා.

නිලවරණයේ දී සියලු නිළධාරීන් නිතරගයෙන් තේරී පත්වීම විශේෂත්වයක්.

ඒ ප්‍රධාන ප්‍රතිවාදීන් බවට පත්ව සිටි කේ. මතිවානන්, නිශාන්ත රණතුංග හා බන්දුල වර්ණපුර යන මහත්වරුන් පසුගියදා නිලවරණයෙන් ඉවත් වීමට තීරණය කර තිබීම හේතුවෙන්.

ඒ අනුව හිටපු සභාපති ශම්මි සිල්වා මහතා අඛණ්ඩව දෙවන වරටත් යළි සභාපති ධූරයට අද දිනයේ දී තේරී පත් වුණා.

ලේකම්වරයා ලෙස මොහාන් ද සිල්වා මහතා තේරී පත් වූ අතර, උප සභාපතිවරුන් ලෙස තේරී පත් වුණේ රවීන් වික්‍රමරත්න සහ ජයන්ත ධර්මදාස යන මහත්වරුන්. ALSO READ : ක්‍රිකට් නිලවරණයේ දී නව නිළධාරී මණ්ඩලයම නිතරගයෙන් පත් වෙයි

ක්‍රිෂාන්ත කපුවත්ත මහතා උප ලේකම්වරයා ලෙසයි පත් වුණේ.

භාණ්ඩාගාරික ලෙස ලසන්ත වික්‍රමසිංහ මහතා ද, උප භාණ්ඩාගාරික ලෙස සුජීව ගොඩලියද්ද මහතා ද නිතරගයෙන් තේරී පත් වුණා.

2023 වසර දක්වා වසර දෙකක කාලයක් මෙම නිළධාරී මණ්ඩලයේ ධූර කාලය බලපැවැත්වෙනු ඇති.

SLC
SLC
SLC

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...