ක්‍රිකට් නිළවරණයට දින තීන්දු වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ නිළවරණය එළඹෙන මැයි 20 වනදා පැවැත්වීමට තීරණය කර ඇති බව වාර්තා වනවා.

නිළවරණය සදහා නාමයෝජනා භාර ගැනීම එළඹෙන 24 වනදායින් අවසන් වන බව සදහන්.

ක්‍රිකට් ආයතනයේ නිලවරණය සඳහා නිලවරණ කමිටුවක් පත් කිරීමට පසුගිය ජනවාරි 7 වනදා රැස් වූ ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ අති විශේෂ මහා සභා රැස්වීමේදී කටයුතු කෙරුණා.

ක්‍රීඩා පනතේ නීති සහ රෙගුලාසිවලට අනුකූලව පත් කර ගන්නා ලද එම ත්‍රිපුද්ගල කමිටුවට විශ්‍රාම ලත් අභියාචනාධිකරණ විනිසුරුවරියක වන මලනි ගුණරත්න, මහාධිකරණ විනිසුරුවරියක් වන ශිරෝමි පෙරේරා සහ අමාත්‍යාංශ කිහිපයක ප්‍රධාන ලේකම්වරයෙකු ලෙසින් සේවය කරන ලද ආචාර්ය ඩී.එම්.ආර්. දිසානායක යන මහත්ම මහත්මීන් ඇතුළත් වුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...