ක්‍රිකට් නිලවරණයට නාම යෝජනා භාර ගැනීම අවසන් වෙයි

Date:

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ එළඹෙන නිලවරණය සදහා වන නාමයෝජනා ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරණ කමිටුව වෙත අද (28) දිනයේ දී ලැබී තිබෙනවා.

නාමයෝජනා භාර ගැනීම අද පෙරවරු 9.30ට ආරම්භ වූ අතර, පස්වරු 3.30 ට අවසන් වූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ශ්‍රී ලංකා ක්‍රිකට් නිලවරනය ලබන මැයි මස 20 වැනිදා පැවැත්වීමට නියමිතයි.

2023 වසරේ සිට 2025 වසර දක්වා වසර දෙකක කාලයක් සදහා නිලධාරීන් පත් කිරීම වෙනුවෙනුයි මෙම නිලවරණය පැවැත්වෙන්නේ.

විශ්‍රාමලත් අභියාචනාධිකරණ විනිසුරු මාලනී ගුණරත්න, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු ශිරෝමී පෙරේරා හා ශ්‍රී ලංකා පරිපාලන සේවා විශ්‍රාමික ජ්‍යෙෂ්ඨ රාජ්‍ය නිලධාරී සුනිල් සිරිසේන යන මහත්ම මහත්මීන් ක්‍රිකට් නිලවරණ කමිටුවට ඇතුළත්.

ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ විශේෂ මහා සභා රැස්වීමකදීයි මෙම නිලවරණ කමිටුව පත් කර තිබුණේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...