ක්‍රිකට් ආයතනය අර්ජුනගෙන් බිලියන දෙකක් ඉල්ලයි

Date:

ජාතික ක්‍රීඩා සභාවේ සභාපති අර්ජුන රණතුංග මහතා විසින් රූපවාහිනී වැඩසටහනකදී සිදු කළ ප්‍රකාශයක් තුළින් ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනයේ හා එහි නිළධාරීන්ගේ කීර්තිනාමයට සිදු වූ හානිය වෙනුවෙන් රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලා ලිපි යොමු කිරීමට ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය කටයුතු කර තිබෙනවා.

අද කැදවූ විශේෂ රැස්වීමකදී ශ්‍රී ලංකා ක්‍රිකට් විධායක කමිටුව විසින් මෙම තීරණය ගෙන තිබූ බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

අදාළ රූපවාහිනී වැඩසටහනේ දී අර්ජුන රණතුංග මහතා විසින් ක්‍රිකට් ආයතනයේ කීර්තිනාමයට හානි වන අයුරින් අසත්‍ය, අවමන් සහගත හා විකෘති ප්‍රකාශ සිදු කර ඇති බවත්, ඒ පිළිබද අද පැවැති රැස්වීමේ දී දීර්ඝ ලෙස ක්‍රිකට් ආයතනයේ විධායක කමිටු නිළධාරීන් සාකච්ඡා කළ බවත්, ක්‍රිකට් ආයතනය නිකුත් කළ නිවේදනයක සදහන්.

ක්‍රිකට් ආයතනයට මෙන්ම ක්‍රිකට් ආයතනයේ විධායක කමිටුවට ද එරෙහිව ද්වේෂ සහගත අරමුණින් අසත්‍ය සහ අපහාසාත්මක චෝදනා එල්ල කරමින් ප්‍රකාශ නිකුත් කර ඇති බැවින් අර්ජුන රණතුංග මහතාගෙන් මෙලෙස රුපියල් බිලියන දෙකක වන්දි මුදලක් ඉල්ලීමට තීරණය කළ බවයි ක්‍රිකට් ආයතනය සදහන් කළේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...