කඩුලු 7ක ජයකින් ශ්‍රී ලංකාව ලෝක කුසලානයේ ගමන අරඹයි

Date:

ශ්‍රී ලංකා පන්දු යවන්නන් පෙන්නුම් කළ සුපිරි දක්ෂතාවයන් හා මැද පෙල පිතිකරුවන්ගේ දක්ෂතා හමුවේ මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ ක්‍රීඩා කළ පළමු තරගයෙන් ජය වාර්තා කිරීමට ශ්‍රී ලංකා කණ්ඩායම අද(18) සමත් වුණා.

නැමීබියාව සමග පැවැති මෙම තරගයෙන් ශ්‍රී ලංකාව ජය වාර්තා කළේ කඩුලු 7කින්.

කෙසේ වෙතත්, මෙම තරගයේ දී ද ශ්‍රී ලංකා මුල් පෙල පිතිකරුවන් අසාර්ථක වීම යම් ප්‍රශ්නාර්ථයක් ඉතිරි කළ කරුණක් බවට පත් වුණා.

අබුඩාබි හි පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ශ්‍රී ලංකාව පළමුවෙන් පන්දු රැකීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි නැමීබියාවට නිදහසේ පන්දුවට පහර දීමට ශ්‍රී ලංකා පන්දු යවන්නන් කිසිවිටක ඉඩ ලබා දුන්නේ නැහැ.

ඔවුන්ගේ පළමු කඩුලු 2 ලකුණු 29ක්ව තිබියදී දවා ගැනීමට මහීෂ් තීක්ෂණ සමත් වුණා.

අනතුරුව ක්‍රෙයිග් විලියම්ස් හා නායක Gerhard Erasmus තෙවැනි කඩුල්ලට ලකුණු 39ක සබදතාවයක් ගොඩ නැගුවා.

විලියම්ස් ලකුණු 29ක් ලබා ගත් අතර, Gerhard ලකුණු 20ක් රැස් කළා.

ඩේවිඩ් වීසා රැස් කළේ ලකුණු 6ක් පමණයි. ජේ ජේ ස්මිට් ලකුණු 12ක් නොදැවී ලබා ගත්තා.

ඔවුන්ගේ ඉනිම පන්දුවාර 19.3කදී සියලු දෙනා දැවී සටහන් වුණේ ලකුණු 96ක් ලෙසයි.

පන්දු යැවීමේ දී මහීෂ් තීක්ෂණ ලකුණු 25කට කඩුලු 3ක් ද, වනිදු හසරංග ලකුණු 24කට කඩුලු 2ක් ද දවා ගත්තා. ළහිරු කුමාර ලකුණු 9කට බිද හෙලූ කඩුලු ගණන 2ක්.

චාමික කරුණාරත්න හා දුෂ්මන්ත චමීර ද එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ ශ්‍රී ලංකා කණ්ඩායම පන්දුවාර 13.3ක් අවසානයේ කඩුලු 3ක් දැවී ලකුණු 100ක් ලබා ජයග්‍රහනය වාර්තා කළා.

ආරම්භක පිතිකරුවන් වූ කුසල් ජනිත් හා පැතුම් නිස්සංක පිළිවෙලින් ලකුණු 11කට හා ලකුණු 5කට දැවී ගියා.

දිනේෂ් චන්දිමාල් ද රැස් කළේ ලකුණු 5ක් පමණයි.

අනතුරුව අවිශ්ක ප්‍රනාන්දු හා භානුක රාජපක්ෂ සිව්වන කඩුල්ල සදහා ලකුණු 74ක නොබිදුණු සබදතාවයක් පන්දු 50කින් ගොඩ නැගුවා.

අවිශ්ක නොදැවී ලකුණු 30(28)ක් රැස් කළේ හයේ පහර දෙකක් සමගින්.

භානුක පන්දු 27කින් වේගවත් ලකුණු 42ක් නොදැවී ලබා ගත්තා. ඒ, හයේ පහර 2ක් හා හතරේ පහර 4ක් සමගින්.

පන්දු යැවීමේ දී Ruben Trumpelmann, Bernard Scholtz, JJ Smit කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ වීරයා ලෙස මහීෂ් තීක්ෂණ සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...