අයර්ලන්තයට කඩුලු 7ක ජයක්

Date:

මෙවර පන්දුවාර විස්සයි විස්ස ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ තෙවැනි තරගයෙන් ජය වාර්තා කිරීමට අයර්ලන්තය අද(18) සමත් වුණා.

ඔවුන් හමුවේ කඩුලු 7 කින් පරාජයට පත් වූයේ නෙදර්ලන්ත කණ්ඩායමයි.

අබුඩාබිහි පැවැති තරගයේ කාසිය වාසිය දිනු නෙදර්ලන්තය පළමුවෙන් පන්දුවට පහරදීමට තීරණය කළා.

කෙසේ වෙතත් ඔවුන්ට නියමිත පන්දුවාර 20 අවසානයේ සියලු දෙනා දැවී ලබා ගත හැකි වූයේ ලකුණු 106 ක් පමණයි.

Max O’Dowd ලකුණු 51 ක් රැස් කළා.

සුවිශේෂී පන්දු යැවීමක් ප්‍රදර්ශනය කළ කර්ටිස් කැම්පර් ලකුණු 26කට කඩුලු 4ක් දවා ගත්තා.

ඔහු එම කඩුලු හතරම පිට පිට පන්දු 4කදී දවා ගැනීම විශේෂත්වයක්.

Mark Adair ලකුණු 9කට කඩුලු තුනක් ද බිඳ හෙලීමට සමත් වුණා

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ අයර්ලන්තය පන්දුවාර 15.1 අවසානයේ කඩුලු 3ක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

පෝල් ස්ටර්ලින් නොදැවී ලකුණු 30ක් ද, Gareth Delany ලකුණු 44 ක් ද රැස් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...