කඩුලු 10 ක ජයකින් දකුණු අප්‍රිකාව WTC පෙරමුණ තහවුරු කර ගනියි

Date:

සංචාරක පාකිස්තාන කණ්ඩායම සමග පැවැති තරග දෙකකින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 2-0 ක් ලෙස ජය ගනිමින් ලෝක ටෙස්ට් ශූරතාවලියේ ප්‍රසාද ලකුණු සටහනේ පෙරමුණ තහවුරු කර ගනිමින් මෙවර ටෙස්ට් ශූරතාවලිය යටතේ ක්‍රීඩා කිරීමට නියමිත සියලු තරග (අවසන් තරගය හැර) අවසන් කිරීමට දකුණු අප්‍රිකා කණ්ඩායම සමත් වුණා.

කේප් ටවුන්හි පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් දකුණු අප්‍රිකාව ජය ගත්තේ කඩුලු 10කින්. තරගය ජය ගැනීම සදහා සිව්වැනි දිනයේදී ඔවුන්ට ලකුණු 58 ක ඉලක්කයක් හිමි වූ අතර, එය පන්දුවාර 7.1 ක් අවසානයේ කිසිදු කඩුල්ලක් නොදැවී පසු කර යාමට දකුණු අප්‍රිකාවට හැකි වුණා.

ඩේවිඩ් බෙඩින්ග්හැම් නොදැවී ලකුණු 47(30) ක් හා ඒඩ්න් මාක්‍රම් නොදැවී ලකුණු 14(13) ක් රැස් කළා.

තරගයේ සිව්වැනි දිනය ආරම්භ කරන විට අඛණ්ඩව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි පාකිස්තානය කඩුල්ලක් දැවී ලකුණු 213 ක් ලබා සිටි අතර, ඔවුන් සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 478 ක්. ඒ, පළමුව පන්දුවට පහරදුන් දකුණු අප්‍රිකාව ලබා ගත් ලකුණු 615 ට පිළිතුරු ලෙස පාකිස්තාන පළමු ඉනිම ලකුණු 194 කට සීමා වූ පසුබිමකයි.

ශාන් මසූඩ් නොදැවී ලකුණු 102 ක් ලබා කඩුල්ලේ රැදී සිටි අතර, ඔහු ලකුණු 145 ක් ලබා සිටියදී දැවී ගියා. ඔහුගේ ආරම්භක සගයා වූ බාබර් අසාම් ලබා ගත් ලකුණු සංඛ්‍යාව 81 ක්. සල්මන් ආගා ලකුණු 48 ක් හා මොහමඩ් රිස්වාන් ලකුණු 41 ක් රැස් කළා. ආමර් ජමාල් ලකුණු 34 යි.

පාකිස්තාන පිතිකරු සයීම් අයුබ් මෙම තරගය අතරතුරදී පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක්ව මෙම තරගයෙන් ඉවත් කළ බැවින් පාකිස්තානය එක් පිතිකරුවෙකු නොමැතිවයි ඉනිම් දෙකම ක්‍රීඩා කළේ.

පන්දු යැවීමේදී කාගිසෝ රබාඩා හා කේෂාව් මහරාජ් කඩුලු 3 බැගින් බිද හෙලුවා. මාර්කෝ යැන්සන් කඩුලු දෙකක් බිද හෙලුවා.

දකුණු අප්‍රිකා පළමු ඉනිමේදී ලකුණු 259 ක් ලබා ගත් රයන් රිකල්ටන් තරගයේ වීරයා ලෙසත්, තරගාවලිය පුරා කඩුලු 10ක් දවා ගනිමින් ලකුණු 80 ක් ද රැස් කළ මාර්කෝ යැන්සන් තරගාවලියේ වීරයා ලෙසත් සම්මානයෙන් පිදුම් ලැබුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...