එන්නත්කරණයට ලක් වූ ප්‍රේක්ෂකයින්ට ක්‍රිකට් ආයතනයෙන් සුබ ආරංචියක්

Date:

ශ්‍රී ලංකාව හා බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම අතර පැවැත්වෙන ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය නැරඹීම සදහා ප්‍රේක්ෂකයින්ට අවස්ථාව ලබා දීමට තීරණය කර ඇති බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය පවසනවා.

ඒ අනුව මේ වන විට ගාල්ල ක්‍රීඩාංගනයේ පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය වන හෙට(24) දිනයේ සිට තරග නැරඹීමේ අවස්ථාව ප්‍රේක්ෂකයින්ට හිමි වනවා.

ගාලු ක්‍රීඩාංගනයේ ප්‍රේක්ෂක ධාරිතාවයෙන් 50%ක පිරිසක් පමණක් ක්‍රීඩාංගනයට ඇතුළු කර ගැනීමට කටයුතු කරනු ඇති.

තරග නැරඹීමට පැමිණෙන ප්‍රේක්ෂකයින් කොරෝනා වෛරසයට (කොවිඩ් 19) එරෙහි එන්නත් මාත්‍රා දෙකම ලබා ගත් අය විය යුතුයි.

ක්‍රීඩාංගනයට පිවිසෙන දිනයට දින 14කට පෙර දෙවැනි එන්නත ලබා ගෙන තිබීම ද අනිවාර්යය බවයි ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

ක්‍රීඩාංගනයට පිවිසීමට පෙර ප්‍රේක්ෂකයින් විසින් එය තහවුරු කළ යුතුයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...