මොයීන් අලීගෙන් එංගලන්ත පුහුණුකරු සමාව ඉල්ලයි

Date:

එංගලන්ත ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් තුන් ඉරියව් ක්‍රීඩක මොයීන් අලීගෙන් සමාව ඉල්ලා තිබෙනවා.

ඒ, මොයීන් අලී ඉන්දියාවට එරෙහි අවසන් ටෙස්ට් තරග දෙක සදහා ක්‍රීඩා නොකර යළි සියරට බලා පිටත්ව යාම සම්බන්ධයෙන් වැරැදි සන්නිවේදනයක් සිදු වීම සම්බන්ධයෙන්.

දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව නායක ජෝ රූට් සදහන් කළේ මොයීන් ගෙදර යාම තෝරා ගෙන ඇති බවයි.

කෙසේ වෙතත්, සැබවින්ම එම තීරණය මොයීන් අලී ගත් තීරණයක් නොවන අතර, එය එංගලන්ත කළමණාකාරීත්වය විසින් ගෙන තිබූ තීරණයක්.

වැඩි තරග සංඛ්‍යාවක් ක්‍රීඩා කිරීමට ඇති බැවින් එංගලන්ත තේරීම් කමිටුව විසින් සිය ක්‍රීඩකයින් විවේක ගැන්වීමට නිරතුරුවම කටයුතු කරනු ලබනවා.

“ඔහුව පිටත් කර හැරීම අප විසින් ගත් තීරණයක්. එම තීරණය අපට අයිතියි” යනුවෙන් ප්‍රධාන පුහුණුකරු ක්‍රිස් සිල්වර්වුඩ් සදහන් කළා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...