එංගලන්ත ක්‍රීඩකයෙකුට ඉන්දීය ගුවන් තොටුපොලකදී අකරතැබ්බයක් – තෙවැනි තරගයත් අවධානමේ

Date:

එංගලන්ත දග පන්දු යවන ක්‍රීඩක රෙහාන් අහ්මඩ්ට ඉන්දියාව සමග පැවැත්වීමට නියමිත තෙවැනි ටෙස්ට් ක්‍රිකට් තරගය සදහා ක්‍රීඩා කළ හැකි දැයි තහවුරු කර ගැනීම සදහා එංගලන්ත ක්‍රිකට් බලධාරීන් තවමත් බලාපොරොත්තු සහගතව බලා සිටිනවා.

ඒ, ඔහුට ඉන්දියාවේ රැදී සිටීමට සදහා අවශ්‍ය වීසා ලබා ගැනීම සම්බන්ධයෙන් මේ වන විට මතුව ඇති ගැටලුව හේතුවෙන්.

මීට පෙර ඔහුට එක් වරක් ඉන්දියාවට ඇතුළු වීම සදහා අවශ්‍ය වීසා (single-entry visa) ලබා දී තිබුණා.

කෙසේ වෙතත්, දෙරට අතර පැවැති දෙවැනි ටෙස්ට් තරගයෙන් පසුව තෙවැනි තරගය ආරම්භ වීම සදහා දින 10ක පරතරයක් පවතින බැවින් එංගලන්ත ක්‍රීඩකයින් අබුඩාබි වෙත පිටත්ව ගොස් තිබූ අතර, අනතුරුව යළි ඉන්දියාව වෙත පැමිණීමේ දී රෙහාන් අහ්මඩ් ගැටලු සහගත තත්ත්වයට මුුහුණ දුන්නේ ඔහු සතුව යළි ඉන්දියාවට පැමිණීම සදහා වීසා නොතිබීම හේතුවෙන්.

රාජ්කොට් ගුවන් තොටුපොළේ දී ඔහුට සැලකිය යුතු කාලයක් රැදී සිටීමට ද මෙම වීසා ගැටලුව හේතු වුණා.

අනතුරුව ඉන්දීය බලධාරීන් මෙම ගැටලුවට තාවකාලික විසදුමක් ලබා දෙමින් දින දෙකක කාලයක් සදහා වලංගු වන පරිදි පමණක් 19 හැවිරිදි රෙහාන් අහ්මඩ්ට වීසා ලබා දී තිබුණා.

මීට පෙර එංගලන්ත ක්‍රීඩක ශොයිබ් බෂීර්ට ද මෙම ටෙස්ට් තරගාවලිය වෙනුවෙන් ඉන්දියාවට පැමිණීමට අවශ්‍ය වීසා ලබා ගැනීම ප්‍රමාද වූ බැවින් ඔහුට පළමු ටෙස්ට් තරගය ද අහිමි වුණා.

මෙම ක්‍රීඩකයින් දෙදෙනාම පාකිස්තාන සම්භවයක් සහිත ක්‍රීඩකයින් වනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...