එංගලන්තය 234ක් පිටුපසින් – Day 2 Report

Date:

එංගලන්ත කණ්ඩායම සහ පාකිස්තාන කණ්ඩායම අතර පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ දෙවන දිනය අද(6) නිමා වුණා.

ඒ වන විට සිය පළමු ඉනිම ක්‍රීඩා කරමින් සිටි එංගලන්තය කඩුලු 4ක් දැවී ලකුණු 92ක් ලබා සිටියා.

ඔලී පෝප් නොදැවී ලකුණු 46යි.

පසුගිය තරගවලදී ඉහළ දක්ෂතා දැක් වූ බෙන් ස්ටොක්ස් ලකුණු නොලබා සිටියදී දවා ගැනීමට මොහොමඩ් අබ්බාස් සමත් වුණා.(දැවී යාමේ දර්ශන පහතින්)

පන්දු යැවීමේ දී මොහොමඩ් අබ්බාස් කඩුලු 2ක් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් සංචාරක පාකිස්තාන කණ්ඩායම සියලු දෙනා දැවී අද දිනයේ දී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 326ක්.

විශිෂ්ඨ ඉනිමක් ක්‍රීඩා කළ ශාන් මසූඩ් ලකුණු 156ක් ලබා ගත් අතර, බබාර් අසාම් ලකුණු 69 ක් රැස් කළා.

පන්දු යැවීමේ දී එංගලන්තය වෙනුවෙන් ස්ටුවට් බ්‍රෝඩ් සහ ජොෆ්ර ආචර් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

ඒ අනුව එංගලන්තය මේ වන විට පිටුපසින් පසුවන ලකුණු සංඛ්‍යාව 234ක්.

තරගය මැන්චෙස්ටර් හි ඕල්ඩ් ට්‍රැෆර්ඩ් ක්‍රීඩාංගනයේ දී පැවැත්වෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...