එංගලන්තය අවසන් පූර්ව වටයට ; ශ්‍රී ලංකාව 4 වැනි තැනෙන් නවතියි

Date:

මැදපෙල පිතිකරුවන්ගේ දුර්වල පිතිහරඹය හේතුවෙන් මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය තවත් පරාජයකින් අවසන් කරමින් ප්‍රසාද ලකුණු සටහනේ සිව්වැනි ස්ථානයෙන් සෑහීමකට පත් වීමට ශ්‍රී ලංකා කණ්ඩායමට අද(5) සිදු වුණා.

ඒ, තරගාවලියේ 39 වැනි තරගයෙන් එංගලන්තය හමුවේ කඩුලු 4 ක තියුණු පරාජයකට ලක් වීමත් සමගයි.

සිඩ්නි හී දී පැවැති මෙම තරගය ජය ගැනීම සදහා ලකුණු 142 ක ඉලක්කයක් හඹා ගිය එංගලන්තය පන්දුවාර 19.4 ක් අවසානයේ කඩුලු 6 ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය පසු කරමින් තරගාවලියේ අවසන් පූර්ව වටයේ ස්ථානයක් ද හිමි කර ගත්තා.

ඒ අනුව සත්කාරක ඔස්ට්‍රේලියාවට සුපිරි 12 වටයෙන්ම තරගාවලියෙන් ඉවත් වීමටයි සිදු වුණේ. එංගලන්තය සමග පළමු කාණ්ඩයෙන් අවසන් පූර්ව වටයට සුදුසුකම් ලැබූ අනෙක් රට වන්නේ නවසීලන්තයයි.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුව පන්දුවට පහරදුන් ශ්‍රී ලංකාව නියමිත පන්දුවාර 20 තුළ ලකුණු 141 ක් ලබා ගත්තේ කඩුලු 6 ක් දැවී සිටියදී යි. ඒ, ඉනිමට වේගවත් ආරම්භයක් ලබා දීමට කුසල් මෙන්ඩිස් හා පැතුම් නිස්සංක සමත් වූ පසුබිමකයි.

මෙන්ඩිස් ලකුණු 18(14) කට දැවී ගියා. ධනංජය ද සිල්වා ලකුණු 9යි. ශ්‍රී ලංකා ඉනිම පළමු පන්දුවාර 10 නිමා වන විට සටහන්ව තිබුණේ කඩුලු 2 ක් දැවී ලකුණු 80 ක් ලෙසයි.

කෙසේ වෙතත්, අවසන් පන්දුවාර 10 තුළ දී ඔවුන්ට කඩුලු 6 ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 61 ක් පමණයි. පැතුම් නිස්සංක පන්දු 45 කින් ලකුණු 67 ක් ලබා ගත්තේ හයේ පහර 5 ක් හා හතරේ පහර 2 ක් සමගින්.

චරිත් අසලංක ලකුණු 8 කටත්, දසුන් ශානක ලකුණු 3 කටත්, භානුක රාජපක්ෂ ලකුණු 22 කටත් දැවී ගියා. වනිදු හසරංග ලකුණු 9කට දුවද්දී දැවී ගිය අතර, චාමික කරුණාරත්නට ලකුණු රැස් කිරීමට හැකි වූයේ නැහැ.

පන්දු යැවීමේ දී මාර්ක් වුඩ් ලකුණු 26 කට කඩුලු 3 ක් දවා ගත්තා. බෙන් ස්ටොක්ස්, ක්‍රිස් වෝක්ස්, සෑම් කරන් හා අඩිල් රෂීඩ් කඩුල්ල බැගින් බිද හෙලුවා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය වෙනුවෙන් ආරම්භක කඩුල්ල සදහා පන්දුවාර 7.2 කින් වේගවත් ලකුණු 75 ක සම්බන්ධතාවයක් ගොඩ නැගීමට ඇලෙක්ස් හේල්ස් හා ජොස් බට්ලර් සමත් වුණා. එම සබදතාවය බිද වැටුණේ බට්ලර් ලකුණු 28(23) කට දවා ගැනීමට වනිදු හසරංග සමත් වීමත් සමගයි. චාමික කරුණාරත්න රැක ගත් සුපිරි උඩ පන්දුවක් හමුවේයි බට්ලර්ට සිය කඩුල්ල අහිමි වුණේ.

අනතුරුව ඇලෙක්ස් හේල්ස්ගේ කඩුල්ල ද දවා ගැනීමට සමත් වුණේ වනිදු හසරංගයි. ඔහු දැවී ගියේ ලකුණු 47(30) ක් ලබා සිටියදීයි. අනතුරුව අඩු ලකුණු සංඛ්‍යාවක් තුළ කඩුලු කිහිපයක් බිද වැටුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද ශ්‍රී ලංකා කණ්ඩායමට යළි යම් බලාපොරොත්තුවක් එක්කරමින්.

ඩේවිඩ් මලාන් පන්දු රකිමින් සිටියදී ආබාධයකට ලක් වීම හේතුවෙන් පිතිකරණයේ නිරත වූයේ නැහැ. හැරී බෘෘක් හා ලියම් ලිවින්ග්ස්ටන් ලකුණු 4 බැගින් ලබා සිටියදී දැවී ගියා. මොයීන් අලී රැස් කළේ එක් ලකුණක් පමණයි. සෑම් කරන් ලකුණු 6 කට දැවී ගියා.

කෙසේ වෙතත්, බෙන් ස්ටොක්ස් නොදැවී ලකුණු 42(36) ක් ලබා ගනිමින් සිය කණ්ඩායම අවසන් පන්දුවාරයේ දී ජයග්‍රහනය කරා රැගෙන යාමට දායක වුණා.

පන්දු යැවීමේ දී වනිදු හසරංගට අමතරව ධනංජය ද සිල්වා හා ලහිරු කුමාර ද කඩුලු 2 බැගින් බිද හෙලීමට සමත් වුණා.

ශ්‍රී ලංකාව මෙවර තරගාවලියේ සුපිරි 12 වටයේ දී පළමු කාණ්ඩයෙන් තරග කළ අතර, එහිදී ක්‍රීඩා කළ තරග පහෙන් ඔවුන් ජය ගත්තේ අයර්ලන්තයට හා ඇෆ්ඝනිස්තානයට එරෙහි තරග පමණයි.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...