එංගලන්තයේ දී නිකල්ස් ඇතුළු නවසීලන්ත සාමාජිකයින් තිදෙනෙකුට කොරෝනා

Date:

නවසීලන්තයේ හෙන්රි නිකල්ස් හා Blair Tickner යන ක්‍රීඩකයින්ට මෙන්ම පන්දු යැවීමේ පුහුණුකරු Shane Jurgensen ට කොවිඩ් 19 ආසාදනය වී තිබෙනවා.

අද(20) පෙරවරුවේ සිදු කෙරුණු රැපිඩ් ඇන්ටිජන් පරීක්ෂාවක දී යි ඒ බව අනාවරණය වී ඇත්තේ.

එංගලන්ත තරග සංචාරය යටතේ සසෙක්ස් කණ්ඩායමට එරෙහිව නවසීලන්තය ක්‍රීඩා කරන සිව්දින තරගය ආරම්භ වීමට පෙර මෙම පරීක්ෂණ සිදු කර තිබුණා.

කෙසේ වෙතත්, නවසීලන්ත සංචිතයේ සෙසු සාමාජිකයින්ට වෛරසය ආසාදනය වී නොමැති බව ද තහවුරු වී තිබෙනවා.

ඒ අනුව සසෙක්ස් කණ්ඩායමට එරෙහි තරගය නියමිත පරිදි පැවැත්වීමටයි තීරණය කෙරුණේ.

කොවිඩ් 19 ආසාදනය වූ තිදෙනාට දින 5ක් හුදෙකලා වී සිටීමට සිදු වනු ඇති.

 

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...