එංගලන්තයට තරග 3-0 ක පූර්ණ තරගාවලි ජයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම සමග පැවැති තරග 3කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලිය තරග 3-0ක් ලෙස ජය ගැනීමට බෙන් ස්ටොක්ස්ගේ නායකත්වයෙන් යුත් එංගලන්ත කණ්ඩායම අද(27) සමත් වුණා.

ඒ, දෙරට අතර ලීඩ්ස් හී Headingley ක්‍රීඩාංගණයේ දී පැවැති තෙවැනි හා අවසන් ටෙස්ට් තරගයෙන් එංගලන්තය කඩුලු 7ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමත් සමගයි.

තරගයේ අවසන් දිනය අද ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිමේ දී ලකුණු 296ක ජයග්‍රාහී ඉලක්කයක් හඹා යමින් සිටි එංගලන්තය කඩුලු 2ක් දැවී ලබා සිටි ලකුණු සංඛ්‍යාව 183ක්. ඔවුන් කඩුලු 3ක් දැවී සිටියදී ජයග්‍රාහී ඉලක්කය සපුරා ගත්තා.

ඔලී පෝප් ලකුණු 82කට දැවී ගියා. ජෝ රූට් නොදැවී ලකුණු 86 ක් ලබා ගත්තා. ඔවුන් දෙදෙනා අතර තෙවැනි කඩුල්ලට ගොඩ නැගුණු සබදතාවය ලකුණු 134ක්.

අනතුරුව සිව්වැනි කඩුල්ල සදහා රූට් හා ජොනී බෙයාර්ස්ටව් ලකුණු 111 ක නොබිදුණු සබදතාවයක් ගොඩ නගමින් සිය කණ්ඩායම ජයග්‍රහනය කරා රැගෙන ගියා.

බෙයාර්ස්ටව් නොදැවී ලකුණු 71යි. පන්දු 44කින් වාර්තා ඔහුගේ වේගවත් ඉනිමට හයේ පහර 3ක් හා හතරේ පහර 8ක් ඇතුළත් වුණා.

පන්දු යැවීමේ දී මයිකල් බ්‍රේස්වෙල් හා ටිම් සවුති එක් කඩුල්ල බැගින් බිද හෙලුවා.

තරගයේ කාසියේ වාසිය දිනා පළමුවෙන් පන්දුවට පහර දුන් නවසීලන්තය සියලු දෙනා දැවී සිය පළමු ඉනිමට රැස් කළ ලකුණු සංඛ්‍යාව 329ක්. ඩැරල් මිචෙල් ලකුණු 109ක් ලබා ගත්තා. පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 100කට කඩුලු 5ක් බිද හෙලුවා.

අනතුරුව සිය පළමු ඉනිම ක්‍රීඩා කළ එංගලන්තය සියලු දෙනා දැවී ලකුණු 360ක් ලබා ගත්තා. ඒ, එංගලන්ත ඉනිමේ 6 වැනි කඩුල්ල ලකුණු 55 දී බිද වැටුණු පසුබිමකයි. අනතුරුව 7 වැනි කඩුල්ල සදහා ජොනී බෙයාර්ස්ටව් සමග පිටියේ එක් වූ ජෙමී ඕවර්ටන් ලකුණු 241 ක සබදතාවයක් ගොඩ නගමින් එංගලන්ත කණ්ඩායම යළි සටනට අවතීර්ණ කළා. බෙයාර්ස්ටව් ලකුණු 162ක් ලබා ගත්තේ පන්දු 157කින්. සිය මංගල ටෙස්ට් තරගය ක්‍රීඩා කළ ඕවර්ටන් ලකුණු 97ක් ලබා සිටියදී දැවී ගියා. පන්දු යැවීමේ දී ට්‍රෙන්ට් බෝල්ට් කඩුලු 4ක් ද, ටිම් සවුති කඩුලු 3ක් ද දවා ගත්තා.

පසුව සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කළ නවසීලන්තය සියලු දෙනා දැවී රැස් කළ ලකුණු සංඛ්‍යාව 326ක්. ටොම් ලේතම් ලකුණු 76 ක් රැස් කළ අතර, නායක කේන් විලියම්සන් ලකුණු 48යි. ඩැරල් මිචෙල් හා ටොම් බ්ලන්ඩල් පිළිවෙලින් ලකුණු 56ක් හා නොදැවී ලකුණු 88ක් ලබා ගනිමින් ඉනිම ශක්තිමත් කළා. පන්දු යැවීමේ දී ජැක් ලීච් ලකුණු 66කට කඩුලු 5ක් දවා ගත්තා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...