සංචාරක ඉන්දීය කණ්ඩායම සමග පැවැත්වීමට නියමිත දින සංශෝදනයකට ලක් වූ අවසන් ටෙස්ට් ක්රිකට් තරගය සදහා වන එංගලන්ත සංචිතය අද(27) ප්රකාශයට පත් කෙරුණා.
සංචිතය සදහා සෑම් බිලින්ග්ස් නම් කිරීමටයි එරට තේරීම් කමිටුව පියවර ගෙන ඇත්තේ.
ඔහු නවසීලන්තයට එරෙහිව අද නිමා වූ තෙවැනි ටෙස්ට් තරගයේ අවසන් දින දෙක සදහා ක්රීඩා කළේ එම තරගයට ක්රීඩා කළ බෙන් ෆෝක්ස්ට කොවිඩ් 19 ආසාදනය වීම හේතුවෙන්.
බෙන් ෆෝක්ස් දින 5ක කාලයක් හුදෙකලා කර තැබීමට ද පියවර ගෙන තිබෙනවා.
ඉන්දීය කණ්ඩායම පසුගිය වසරේ දී එංගලන්ත තරග සංචාරයක නිරත වූ අතර, එහිදී දෙරට අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් පැවැත්වීමට නියමිතව තිබුණා.
කෙසේ වෙතත්, කොවිඩ් 19 වෛරසයේ බලපෑම හේතුවෙන් පැවැත්වීමට හැකි වූයේ ඉන් තරග 4ක් පමණයි.
තරග 4ක් අවසන් වන විට ඉන්දියාව තරග 2-1 ක් ලෙස තරගාවලියේ පෙරමුණ ගෙන සිටි අතර, පැවැත්වීමට නොහැකි වූ අවසන් ටෙස්ට් තරගයයි එළඹෙන ජූලි පළමු වැනිදා බර්මිංහැම් හි Edgbaston ක්රීඩාංගනයේ දී ආරම්භ කිරීමට කටයුතු යොදා ඇත්තේ.
England Test squad: Ben Stokes (c), James Anderson, Jonny Bairstow (wk), Sam Billings (wk), Stuart Broad, Harry Brook, Zak Crawley, Ben Foakes (wk), Jack Leach, Alex Lees, Craig Overton, Jamie Overton, Matthew Potts, Ollie Pope, Joe Root.

