ඉන්දු – ශ්‍රී ලංකා තරග කාලසටහන සෝනි නිකුත් කරයි

Date:

ඉන්දීය කණ්ඩායමේ එළඹෙන ශ්‍රී ලංකා තරග සංචාරයට අදාළ තරග කාලසටහන එම තරගාවලියේ නිල විකාශන අයිතිය හිමි සෝනි සමාගම විසින් අද(7) නිවේදනය කර තිබුණා.

ඒ, ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය එහි කාලසටහන මෙතෙක් නිල වශයෙන් ප්‍රකාශයට පත් කර නොමැති පසුබිමකයි.

ඉන්දීය කණ්ඩායමේ ශ්‍රී ලංකා තරග සංචාරයේ දී එක්දින තරග 3ක් සහ 20යි 20 තරග 3ක් පැවැත්වීමට නියමිතයි.

සෝනි සමාගම පල කර තිබූ ට්විටර් පණිවිඩයක දැක් වුණේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 18 යන දිනවලදී පැවැත්වෙන බවයි.

20යි 20 තරග තුන පැවැත්වෙන්නේ ජූලි 21,23 සහ 25 යන දිනවලදීයි.

මීට පෙර ක්‍රික්ඉන්ෆෝ වෙබ් අඩවිය වාර්තා කළේ එක්දින තරග තුන ජූලි 13, 16 සහ 19 යන දිනවලදී ද, 20යි 20 තරග ජූලි 22, 24 සහ 27 යන දිනවලදී පැවැත්වීමට සැලසුම් කර ඇති බවයි.

මෙම තරගාවලිය සදහා විරාට් කෝලි, රෝහිට් ෂර්මා, රිෂාබ් පාන්ට්, කේ.එල්. රාහුල්, ජස්ප්‍රිට් බුම්රා, රවීන්ද්‍ර ජඩේජා වැනි ප්‍රබල ඉන්දීය ක්‍රීඩකයින් රැසක් එක් වන්නේ නැහැ.

ඒ, ලෝක ටෙස්ට් ශූරතාවලියේ අවසන් මහා තරගය ඉන්දියාව සහ නවසීලන්තය අතර ජූනි 18 වනදා සිට 22 වනදා දක්වා එංගලන්තයේ දී පැවැත්වීමට නියමිතව තිබීම සහ අනතුරුව අගෝස්තු මස මුලදී ඉන්දීය කණ්ඩායම සහ එංගලන්ත කණ්ඩායම අතර තරග 5කින් යුත් ටෙස්ට් තරගාවලියක් එංගලන්තයේ දී ආරම්භ වීමට නියමිතව තිබීම හේතුවෙන්.

ඒ අනුව එංගලන්ත ටෙස්ට් තරග සංචාරයට එක් නොවන ශිකර් දවාන්, බුවනේෂ්වර් කුමාර්, හර්ඩික් පාන්ඩ්යා, කෘනල් පාන්ඩ්යා, යුස්වේන්ද්‍ර චහෙල්, සංජු සැම්සන්, ප්‍රිත්වි ෂෝ, දීපක් චහාර්, රාහුල් චහාර්, කුල්දීප් යාදෙව්, වරුන් චක්‍රවර්තී, ජයිදෙව් උනඩ්කට්, රාහුල් තෙවාටියා වැනි ක්‍රීඩකයින් ශ්‍රී ලංකා තරග සංචාරය සදහා නම් කිරීමට ඉඩ තිබෙනවා.

සියලු තරග ප්‍රේක්ෂක සහභාගීත්වයක් නොමැතිව කොළඹ ආර්. ප්‍රේමදාස ක්‍රීඩාංගනයේ දී පැවැත්වීමට සැලසුම් කර ඇති බවටයි වාර්තා වුණේ.

ශ්‍රී ලංකා තරග සංචාරයේ දී ඉන්දීය කණ්ඩායමේ පුහුණුකරු ලෙස රාහුල් ඩ්‍රාවිඩ් පත් කිරීමට ඉඩ ඇති බව සදහන්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...