ඉන්දීය විස්සයි 20 කණ්ඩායමේ නායකත්වය ෂුබ්මන් ගිල්ට – නවකයින් රැසක් සහිත සංචිතය මෙන්න

Date:

ජූලි 6 වැනිදා සිට සිම්බාබ්වේ හී දී ආරම්භ වන තරග 5කින් යුත් පන්දුවාර විස්සයි 20 ක්‍රිකට් තරගාවලිය සදහා වන ඉන්දීය සංචිතය නම් කර තිබෙනවා.

ෂුබ්මන් ගිල්ගේ නායකත්වයෙන් යුත් සංචිතයට ක්‍රීඩකයින් 15 දෙනෙකු ඇතුළත්.

අයි.පී.එල් පිටියේ දී දක්ෂතා දැක් වූ ක්‍රීඩකයින් වන අභිෂේක් ෂර්මා, නිටිෂ් කුමාර්, රියාන් පරාග් හා තුෂාර් දේශ්පන්ඩේ පළමු වරට ජාතික සංචිතයට නම් කිරීමටයි පියවර ගෙන ඇත්තේ.

ධරව් ජුරෙල් ද පළමු වරට විස්සයි 20 ජාතික සංචිතයට නම් කර තිබෙනවා.

විස්සයි 20 ලෝක කුසලාන තරගාවලියට අදාළ ඉන්දීය සංචිතයට ඇතුළත්ව සිටින ක්‍රීඩකයින් අතරින් මෙම සංචිතයට නම් කර ඇත්තේ සංජු සැම්සන් හා යශස්වි ජයිස්වාල් පමණයි.

ලෝක කුසලාන සංචිතයට ඇතුළත් සෙසු සියලු ක්‍රීඩකයින් මෙම තරගාවලියෙන් විවේක ගන්වා තිබෙනවා.

සිම්බාබ්වේ කණ්ඩායමට එරෙහි විස්සයි 20 තරගාවලිය හරාරේ හී දී ජූලි 6, 7, 10, 13 හා 14 යන දිනවලදී පැවැත්වීමට නියමිතයි.

India’s squad for T20I series in Zimbabwe :

Ꮪhubman Gill (Captain), Yashasvi Jaiswal, Ruturaj Gaikwad, Abhishek Sharma, Rinku Singh, Sanju Samson (WK), Dhruv Jurel (WK), Nitish Reddy, Riyan Parag, Washington Sundar, Ravi Bishnoi, Avesh Khan, Khaleel Ahmed, Mukesh Kumar, Tushar Deshpande.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...