කොන්ත්‍රාත් ගිවිසුම් අනුව ඉන්දීය ක්‍රීඩකයින්ට හිමිවන නවතම වැටුප් මුදල් ප්‍රකාශයට පත් කෙරේ

Date:

ඉන්දීය ක්‍රිකට් ආයතනය විසින් සිය නවතම ක්‍රීඩක කොන්ත්‍රාත් ගිවිසුම් ප්‍රකාශයට පත් කර තිබෙනවා.

පසුගිය වසරේ ඔක්තෝම්බර් මාසයේ සිට මෙම වසරේ සැප්තැම්බර් මාසය දක්වා මෙම කොන්ත්‍රාත් ගිවිසුම් වලංගු බවයි එරට ක්‍රිකට් ආයතනය නිවේදනය කළේ.

A+, A, B, C යනුවෙන් කාණ්ඩගත කර මෙම කොන්ත්‍රාත් පිරිනමා ඇති අතර, එම කාණ්ඩවලට අයත් වටිනාකම් වන්නේ පිළිවෙලින් ඉන්දීය රුපියල් කෝටි 7, කෝටි 5, කෝටි 3 සහ කෝටි 1 යන අගයන්.

A+ කාණ්ඩයට ක්‍රීඩකයින් තිදෙනෙකු ඇතුළත්.

එනම්, විරාට් කෝලි, රෝහිට් ෂර්මා සහ ජස්ප්‍රිට් බුම්රා යන ක්‍රීඩකයින්.

පසුගිය වසරේ B කාණ්ඩයේ රැදී සිටි හර්ඩික් පාන්ඩ්යාට මෙම වසරේ දී හිමිව ඇත්තේ A කාණ්ඩයයි.

A කාණ්ඩයට අයත් සෙසු ක්‍රීඩකයින් 9 දෙනා වන්නේ රවිචන්ද්‍රන් අශ්වින්, රවීන්ද්‍ර ජඩේජා, චෙටස්වර් පුජාරා, අජින්කෙයා රහානේ, ශිකර් දවාන්, කේ.එල් රාහුල්, මොහොමඩ් ෂාමි, ඉෂාන්ට් ෂර්මා, රිෂාබ් පාන්ට්.

ව්රිධිමන් සහා, උමේෂ් යාදෙව්, බුවනේෂ්වර් කුමාර්, ශර්දුල් තාකූර් සහ මයාන්ක් අගාර්වල් අයත් වන්නේ B කාණ්ඩයටයි.

C කාණ්ඩය යටතේ කුල්දීප් යාදෙව්, නව්දීප් සයිනි, දීපක් චහාර්, ෂුබ්මන් ගිල්, හනුමා විහාරි, අක්සාර් පටෙල්, ශ්රෙයස් අයියර්, වොෂින්ටන් සුන්දර්, යුස්වේන්ද්‍ර චහෙල් සහ මොහොමඩ් සිරාජ් යන ක්‍රීඩකයින් කොන්ත්‍රාත්ගත වී තිබෙනවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...