ඉන්දියාවේ කඩුලු 7ක් ලකුණු 54 කට දැවී යාමත් සමග නවසීලන්තයට ලකුණු 107 ක ඉලක්කයක්

Date:

සංචාරක නවසීලන්ත කණ්ඩායම හා ඉන්දීය කණ්ඩායම අතර බැංගලූරුහීදී පැවැත්වෙන පළමු ටෙස්ට් ක්‍රිකට් තරගයේ සිව්වැනි දිනය අද(19) නිමා වුණේ තරගයේ ජයග්‍රහනය පිළිබද වැඩි බලාපොරොත්තු නවසීලන්තයට හිමි කර දෙමින්.

දිනය ආරම්භ කරන විට සිය දෙවැනි ඉනිම ක්‍රීඩා කරමින් සිටි ඉන්දියාව කඩුලු 3 ක් දැවී ලකුණු 231 ක් ලබා සිටි අතර, ඔවුන් අද දිනයේ දී සියලු දෙනා දැවී ලබා ගත් ලකුණු සංඛ්‍යාව 462 ක්.

ඒ අනුව තරගය ජය ගැනීම සදහා නවසීලන්තයට දෙවැනි ඉනිමේ දී ලකුණු 107 ක ඉලක්කයක් හිමි වූ නමුත්, ඔවුන්ගේ දෙවැනි ඉනිමේ පන්දු 4 ක් ක්‍රියාත්මක වීමෙන් පසුව අයහපත් ආලෝක තත්ත්වය හේතුවෙන් තරගය නතර කිරීමට විනිසුරුවන් තීරණය කළා. ඊට ඉන්දීය ක්‍රීඩකයින් දැඩි අසතුටක් පල කරන ආකාරයක් ද දැක ගත හැකි වුණා.

අනතුරුව දැඩි වර්ෂාවක් ද පතිත වීම හේතුවෙන් සිව්වැනි දිනයට තරගය නියමිත කාලයට පෙර අවසන් කෙරුණු අතර, ඒ වන විට නවසීලන්තය කිසිදු ලකුණක් රැස් කර සිිටියේ නැහැ.

ඉන්දීය දෙවැනි ඉනිමේ දී සිව්වැනි කඩුල්ල වෙනුවෙන් ලකුණු 177 (211) ක අගනා සම්බන්ධතාවයක් ගොඩ නැගීමට සර්ෆරාස් ඛාන් හා රිෂාබ් පාන්ට් සමත් වුණා.

සිං මංගල ටෙස්ට් ශතකය වාර්තා කළ සර්ෆරාස් ලකුණු 150 (195) ක් ලබා ගත්තේ හයේ පහර 3 ක් හා හතරේ පහර 18 ක් සමගින්. පාන්ට් ලකුණු 99 ක් ලබා සිටියදී අවාසනාවන්ත ලෙස දැවී ගියා. පන්දු 105 කින් වාර්තා වූ ඔහුගේ ඉනිමට හයේ පහර 5ක් හා හතරේ පහර 9ක් ඇතුළත්.

නවසීලන්තය දෙවැනි නව පන්දුව ලබා ගන්නා තුරු තරගයේ පාලනය ඉන්දියාව දෙසට නතු වෙමින් තිබූ නමුත්, 85 වැනි පන්දුවාරයේ දී සර්ෆරාස් දැවී යාමත් සමග ඉන්දී්‍ය ඉනිමේ බිද වැටීම ආරම්භ වුණා. ඒ අනුව ඉනිමේ අවසන් කඩුලු 7 ලකුණු 54 ක් තුළ බිද වැටීම විශේෂත්වයක්.

ඉන්දීය ඉනිම වෙනුවෙන් විරාත් කෝලි ලකුණු 70 ක් හා රෝහිත් ෂර්මා ලකුණු 52 ක් ද ලබා ගත්තා. පන්දු යැවීමේ දී මැට් හෙන්රි හා විලියම් ඕරෝක් කඩුලු 3 බැගින් බිද හෙලුවා. අජාස් පටෙල් දවා ගත් කඩුලු ගණන දෙකක්.

තරගයේ පළමුව පන්දුවට පහරදුන් ඉන්දියාවේ සියලු දෙනා ලකුණු 46 කට දැවී ගිය අතර, පිළිතුරු ලෙස නවසීලන්තය රැස් කළ ලකුණු සංඛ්‍යාව 402 ක්.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...