ඉතිහාසයේ වැඩිම මිලට ක්‍රිස් මොරිස් අලෙවි වෙයි

Date:

ඉන්දීය ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලි ඉතිහාසයේ ක්‍රීඩක වෙන්දේසියකදී ක්‍රීඩකයෙකු අලෙවි වූ ඉහළම මිලට දකුණු අප්‍රිකානු තුන් ඉරියව් ක්‍රීඩක ක්‍රිස් මොරිස් අද(18) අලෙවි වුණා.

ඒ, මේ වන විට චෙන්නායිහී දී පැවැත්වෙන ක්‍රීඩක වෙන්දේසියේ දී යි.

ඔහුව රාජස්ථාන් රෝයල්ස් කණ්ඩායම විසින් ඉන්දීය රුපියල් කෝටි 16.25ක මුදලකටයි මිලදී ගනු ලැබුවේ.

මීට පෙර වැඩිම මිලකට ක්‍රීඩකයෙකු අලෙවි වී තිබුණේ 2015 වසරේ දී යි.

එම වසරේ දී දිල්ලි කැපිටල්ස් කණ්ඩායම විසින් යුවරාජ් සිං ඉන්දීය රුපියල් කෝටි 16කට මිලදී ගෙන තිබුණා.

එමෙන්ම කෝටි 15.50 මිලකට 2020 වසර සදහා වන අයි.පී.එල් තරගාවලියට කොල්කටා නයිට් රයිඩර්ස් කණ්ඩායම විසින් පැට් කමින්ස් මිලදී ගෙන තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...