ඇෆ්ඝනිස්තාන සංචිතයට වෙනසක්

Date:

මෙවර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය සදහා වන ඇෆ්ඝනිස්තාන සංචිතයට ශරෆුදීන් අශ්රෆ් කැදවා තිබෙනවා.

ඒ, පසුගියදා තරගාවලිය අතරතුර දී ජාත්‍යන්තර ක්‍රිකට් පිටියට සමු දුන් හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් වෙනුවටයි.

මෙම ආදේශ කිරීම සදහා තරගාවලි තාක්ෂණික කමිටුව විසින් අනුමැතිය ද ලබා දී ඇති බවයි ජගත් ක්‍රිකට් කවුන්සලය නිවේදනය කළේ.

පන්දු යවන තුන් ඉරියව් ක්‍රීඩකයෙකු වන 26 හැවිරිදි ශරෆුදීන් අශ්රෆ් මේ වන විව 20යි 20 ජාත්‍යන්තර තරග 9ක් ඇතුළු ජාත්‍යන්තර තරග 26ක් ක්‍රීඩා කර තිබෙනවා.

ඔහු අතිරේක ක්‍රීඩකයෙකු ලෙසයි මෙවර තරගාවලිය සදහා ඇෆ්ඝනිස්තාන සංචිතය සමග මෙතෙක් රැදී සිටියේ.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...