ඇෆ්ඝනිස්තාන වැඩබලන පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කෙරේ

Date:

ඇෆ්ඝනිස්තාන ක්‍රිකට් කණ්ඩායමේ වැඩබලන ප්‍රධාන පුහුණුකරු ලෙස ස්ටුවර්ට් ලෝ පත් කර තිබෙනවා.

ඔස්ට්‍රේලියානු හිටපු මැදපෙල පිතිකරුවෙකු වූ ඔහු මේ වන විට බංග්ලාදේශයේ චිතගොං නුවර වෙත ළගා වී ඇත්තේ ඇෆ්ඝනිස්තානය හා බංග්ලාදේශය අතර ඉදිරියේ දී ආරම්භ වීමට නියමිත සීමිත පන්දුවාර තරග සදහා එක්වීමේ අරමුණින්.

මීට පෙර දකුණු අප්‍රිකාවේ ලාන්ස් ක්ලූස්නර් ඇෆ්ඝනිස්තාන කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙස කටයුතු කළ නමුත්, ඔහුගේ කොන්ත්‍රාත්තුව පසුගිය දෙසැම්බර් 31 වනදායින් අවසන් වුණා.

53 හැවිරිදි ස්ටුවර්ට් ලෝ මීට පෙර ඔස්ට්‍රේලියානු කණ්ඩායමේ පිතිකරණ උපදේශක ලෙසත්, ශ්‍රී ලංකා කණ්ඩායමේ වැඩබලන පුහුණුකරු ලෙසත්, බංග්ලාදේශ කණ්ඩායමේ ප්‍රධාන පුහුණුකරු ලෙසත් කටයුතු කර තිබුණා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...