ඇෆ්ඝනිස්තානයට ලකුණු 62ක පහසු ජයක්

Date:

මෙවර පන්දුවාර 20යි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලිය යටතේ සිය දෙවැනි ජයග්‍රහනය ද වාර්තා කිරීමට ඇෆ්ඝනිස්තානය අද(31) සමත් වුණා.

ඒ, තරගාවලියේ 27 වන තරගයෙන් නැමීබියාවට එරෙහිව ලකුණු 62ක ජයක් වාර්තා කරමින්.

අබුඩාබි හී දී පැවැති තරගයේ කාසියේ වාසිය දිනූ ඇෆ්ඝනිස්තානය පළමුවෙන් පන්දුවට පහර දීමටයි තීරණය කළේ.

ඒ අනුව පිටියට පිවිසි ඇෆ්ඝනිස්තානය කඩුලු 5ක් දැවී ලකුණු 160ක් ලබා ගත්තා.

මොහොමඩ් ෂෙසාඩ් ලකුණු 45ක් ද, හස්රටුල්ලා සසායි ලකුණු 33 ක් ද රැස් කළා.

සිය අවසන් ජාත්‍යන්තර තරගයට ක්‍රීඩා කළ හිටපු නායක අස්ගර් ඇෆ්ඝන් ලකුණු 31කට දැවී ගිය අතර, නායක මොහොමඩ් නබී නොදැවී ලකුණු 32යි.

පන්දු යැවීමේ දී Ruben Trumpelmann හා Jan Nicol Loftie-Eaton කඩුලු 2 බැගින් දවා ගත්තා.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ නැමීබියාවට පන්දුවාර 20 අවසානයේ කඩුලු 9ක් දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 98ක් පමණයි.

ඩේවිඩ් වීසා ලකුණු 26ක් ලබා ගත් අතර, පන්දු යැවීමේ දී නවීන් උල් හක් හා හමිඩ් හසාන් කඩුලු 3 බැගින් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...