ඇමෙරිකාව පරදා කොදෙව්වන්ට කඩුලු 9ක සුපිරි ජයක්

Date:

2024 පන්දුවාර විස්සයි 20 ලෝක කුසලාන ක්‍රිකට් තරගාවලියේ සුපිරි 8 වටයේ 6 වැනි තරගයෙන් ඇමෙරිකා එක්සත් ජනපදය පරදා කඩුලු 9ක විශිෂ්ඨ ජයක් වාර්තා කිරීමට බටහිර ඉන්දීය කොදෙව් කණ්ඩායම මෙරට වේලාවෙන් අද(22) පෙරවරුවේ සමත් වුණා.

මෙවර තරගාවලියේ සම සත්කාරකත්වය දරන රටවල් දෙක අතර පැවැති මෙම තරගය බාර්බඩෝස් හි Kensington Oval ක්‍රීඩාංගනයේ පැවැති අතර, තරගයේ කාසියේ වාසිය දිනූ කොදෙව්වන්ගේ ආරාධනයෙන් පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාවට පන්දුවාර 19.5 ක් අවසානයේ සියලු දෙනා දැවී රැස් කර ගත හැකි වූයේ ලකුණු 128 ක් පමණයි.

පිළිතුරු ඉනිම ක්‍රීඩා කළ කොදෙව්වන් පන්දුවාර 10.5 ක් අවසානයේ කඩුල්ලක් පමණක් දැවී ජයග්‍රාහී ඉලක්කය පසු කළා.

ෂේයි හෝප් පන්දු 39 කින් ලකුණු 82 ක් නොදැවී රැස් කළේ හයේ පහර 8 ක් හා හතරේ පහර 4 ක් සමගින්. ජොන්සන් චාර්ල්ස් ලකුණු 15 කට දැවී ගියා. නිකලස් පූරාන් පන්දු 12 කින් නොදැවී ලකුණු 27 ක් ලබා ගත්තා.

පළමුව පන්දුවට පහරදුන් ඇමෙරිකාව වෙනුවෙන් Andries Gous ලකුණු 29 ක්, Nitish Kumar ලකුණු 20 ක් හා Milind Kumar ලකුණු 19 ක් ලබා ගත්තා.

පන්දු යැවීමේ දී අන්ඩ්‍රි රසල් ලකුණු 31 කට කඩුලු 3 ක් දවා ගත් අතර, රොස්ටන් චේස් ලකුණු 19 කට කඩුලු 3 ක් බිද හෙලුවා.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...