ඇන්ඩර්සන්, බෙස් දෙවන තරගයෙන් ඉවතට – එංගලන්ත අවසන් සංචිතය නිවේදනය කෙරේ

Date:

ඉන්දියාව සමග පැවැත්වෙන තරග 4කින් යුත් ටෙස්ට් ක්‍රිකට් තරගාවලියේ දෙවන තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනෙකුගෙන් යුත් එංගලන්ත සංචිතයක් අද(12) ප්‍රකාශයට පත් කෙරුණා.

ඊට මොයීන් අලී ඇතුළත්ව ඇති අතර, බෙන් ෆෝක්ස් සහ ස්ටුවට් බ්‍රෝඩ් ද කැදවා තිබෙනවා.

ජොෆ්ර ආචර් ආබාධයක් හේතුවෙන් මෙම තරගයට ක්‍රීඩා නොකරන අතර, ජේම්ස් ඇන්ඩර්සන් දෙවන තරගයෙන් විවේක ගන්වා ඇති බව සදහන්.

දග පන්දු යවන ක්‍රීඩක ඩොම් බෙස් මෙම සංචිතයෙන් ඉවත් කර තිබෙනවා.

ඔලී ස්ටෝන් සහ ක්‍රිස් වෝක්ස් ද දෙවන ටෙස්ට් තරගය සදහා වන ක්‍රීඩකයින් 12 දෙනාගේ සංචිතයට ඇතුළත්.

එංගලන්ත ක්‍රිකට් ආයතනය සදහන් කළේ දෙවන තරගයේ කාසියේ වාසිය උරගා බලන අවස්ථාවේ දී අවසන් 11 දෙනාගේ කණ්ඩායම නායක ජෝ රූට් විසින් ප්‍රකාශයට පත් කරනු ඇති බවයි.

දෙරට අතර පැවැත්වීමට නියමිත දෙවන ටෙස්ට් තරගය හෙට(13) චෙන්නායි හී දී ආරම්භ වීමට නියමිතයි.

England squad for second Test:

Joe Root (c), Moeen Ali, Stuart Broad, Rory Burns, Ben Foakes (w), Dan Lawrence, Jack Leach, Ollie Pope, Dom Sibley, Ben Stokes, Olly Stone, Chris Woakes.

Popular

More like this
Related

ආසියානු ක්‍රීඩා උළෙලට ඉන්දියාව ප්‍රබලම සංචිතය නම් කරයි, ශ්‍රී ලංකාවට ප්‍රශ්නයක්

ජපානයේදී පැවැත්වීමට නියමිත 2026 ආසියානු ක්‍රීඩා උළෙල සදහා ක්‍රීඩා...

ශ්‍රී ලංකා, නවසීලන්ත හා පාකිස්තානයට එරෙහි තරග කාලසටහන් කොදෙව්වන් නිවේදනය කරයි

ඉදිරියේදී සිය රටේදී පැවැත්වීමට නියමිත ශ්‍රී ලංකා, නවසීලන්ත හා...

LPL වෙනුවෙන් ඉන්දියාවෙන් 12 ක් නම් දීලා… සම්පූර්ණ ලැයිස්තුව මෙන්න

2026 ලංකා ප්‍රිමියර් ලීග් (LPL) ක්‍රිකට් තරගාවලිය වෙනුවෙන් විදෙස්...

ශකිබ්, හෙන්ඩ්‍රික්ස් ඇතුළු ප්‍රබලයින් රැසක් LPL තරගාවලියට සෘජුව ගිවිසුම්ගත වෙයි

2026 ලංකා ප්‍රිමියර් ලීග් ක්‍රිකට් තරගාවලිය සදහා ක්‍රීඩා කරන...